Local

ජනාධිපති කාර්යාලයේ ලොක්කෙකුගෙන් CID පැය ගණනක් ප‍්‍රශ්ණ කරයි..

Wednesday, 23 October 2024 - 3:00 pm

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් රුපියල් කෝටි ගණනාවක් වටිනා යතුරුපැදි 12 ක් ඇතුළු වාහන 29ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් අනුව ජනාධිපති කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගෙන් ඊයේ (22) පැය හය හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වර්තමාන ජනාධිපති ලේකම්, ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පොලිස්පතිවරයාට ලිඛිතව කළ පැමිණිල්ලත් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෝටර් රථ 9ක්, යතුරු පැදි 12ක්, කැබ් රථ 6ක් හා ට්‍රැක්ටර් රථ 2ක් එම වාහන අතර 2022 වසරේ විගණන දෙපාර්තමේන්තුව මගින් සිදු කළ විගණනයකදී ජනාධිපති කාර්යාලයේ භාවිතය සඳහා ලබා දී තිබූ වාහන 800කට අධික ප්‍රමාණයකින් 51 ක් අස්ථානගත වී ඇති බවට වාර්තාවකින් අනාවරණය වී ඇති අතර, ඉන් අනතුරුව වාහන 22 ක් සොයා ගැනීමට කටයුතු කර තිබිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ මහේෂ් හේවාවිතාරණ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා පැය හයහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්ත ද, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට තරම් වැදගත් තොරතුරක් ඔහුගේ ප්‍රකාශ වලින් අනාවරණ වී නැතැයි ද දැනගන්නට ඇත.

ඔහු ප්‍රවාහන අධ්‍යක්ෂවරයා ලෙස එවකට වැඩ භාර ගත් දිනයේ සිට ගොනු නිසියාකාරව පවත්වා ගෙන යන බවත්, පැරැණි ගොනු කිසිවක් සොයා ගැනීමට නොහැකි තත්වයක් ඇති බවත්,එනමුත් සති තුනක කාලයක් ඒ සඳහා ලබා දෙන මෙන් ඔහු ඉල්ලීමක් ද කර ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රවාහන අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රකාශයෙන්, අස්ථානගතව තිබෙන වාහන සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය නොවුණත්, එලෙස අස්ථානගත වී තිබෙන එම වාහන විකල්ප ක්‍රමවේද ඔස්සේ විමර්ශන සිදු කර සොයා ගැනීමට කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT