Local

විදුලි බිල අඩු කරන්න යද්දී විපක්ෂ නායක මාධ්‍ය සංදර්ශනයක -අැමැති කංචන විජේසේකර

Wednesday, 10 January 2024 - 1:47 pm

විදුලි බිල අඩු කිරීමට රජය නිසි පියවර ගනිමින් සිටියදී මාධ්‍ය සංදර්ශනයක් සඳහා විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා නඩු පවරා ඇති බව ද විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පැවසීය. විදුලි බිල නොගෙවූ විදුලි පාරිභෝගිකයන් දස ලක්ෂ හැට හතර දහසකට අධික පිරිසකගේ විදුලිය විසන්ධි කර ඇති බව ද විජේසේකර මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ රටේ සමස්ත ජනගහනයෙන් ගෘහ පාරිභෝගිකයන් ද ඇතුළුව විදුලි පාරිභෝගිකයන් 763,923ක් රජයේ සහ පෞද්ගලික විදුලි බෙදා හැරීමේ ව්‍යුහයන් මඟින් විදුලිය ලබා ගන්නා බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අදහස මෙතෙක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර නෑ. එම අදහස ලබන සතියේ ඉදිරිපත් කරනවා. ජනතා අදහස් විමසීමෙන් පසු විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසන් තීරණය ගන්නවා. පසුගිය මස 05 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත විදුලි බිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති අතර එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමේ කටයුතු ඉදිරියට ගෙන යමින් තිබියදී විපක්ෂ නායකවරයා විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඔහුගේ මෙම ක්‍රියාව මාධ්‍ය සංදර්ශනයක් ලෙස හැඳින්විය හැකියි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT