Local

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම ගැන සාකච්ඡාවක්

Monday, 15 April 2024 - 12:39 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුව අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද(15) ආරම්භ වේ.

සමුළුවේ දී මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවක නිතරවීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හවුල්කාරීත්වය සහ සාමූහක ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩාත් දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය වටපිටාව මෙම සමුළුව මගින් හැකි වනු ඇති බවයි.

අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

“2022 දී අප රට මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් විසින් ලබා දුන් සහයෝගය, ශ්‍රී ලංකාව වර්ථමානයේ ලගා කරගෙන ඇති ස්ථාවරත්වය සහ ප්‍රගතියට මූලික හේතුවක් බව නොරහසකි.

වර්තමානයේ දිනෙන් දින වෙනස් වන ගෝලීය ආර්ථික හා දේශපාලනික පරිසරය විසින් ඇතිකරන ආර්ථික අභියෝගවල මුහුණදීමට සහ රටක් ලෙස ආර්ථික වර්ධනය කරා යන ගමනේදී ඇතිවන ගැටලුවලට මුහුණ දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අපගේ අනෙකුත් හවුල්කරුවන් සමඟ පුළුල් ආර්ථික සහයෝගීතාවයෙන් කටයුතු කිරීම අපගේ මූලික අරමුණ වන අතර, ආර්ථික ස්ථාවරත්වය, තිරසාර වර්ධනය, ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේම ආර්ථිකය හා සුබසාධනය වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය අරමුදල්වල මීළඟ වාරිකය ලබාගැනීමට සහ කඩිනමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ඵලදායී සාකච්ජා වල නිරත වීමට අප මෙහිදී අපේක්ෂා කරනවා.

හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් තුළින් ශ්‍රී ලංකාවට වඩා දීප්තිමත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට හැකි බව රජයේ විශ්වාසය වන අතර ඒ වෙනුවෙන් එළෙබෙන 15 වන දින ඇරඹෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ “වසර මැද සමුළුව” හරහා හැකි වනු ඇතැයි බලාපොරොත්තු බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT