Local

පියුමි වැලිබල් ෆිනෑන්ස් වෙතින් ගත් විශාල ණය විස්තර

Sunday, 23 June 2024 - 8:07 am

පසුගියදා ලබාදුන් අධිකරණ නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මුදල් විශුද්ධිකරණය යටතේ  නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි අයථා මුදල් ඉපැයීමක් කර ඇතිද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ දැන් පුළුල් ලෙස අරඹා තිබේ.
ඇයට අයත් බව පැවසෙන බැංකු ගිණුම් 19 ක් සම්බන්ධයෙන් මෙන්ම ඇය පසුගිය කාලයේ මිලට ගත් ඉහළ වටිනාකම් ඇති දේපළ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ නිලධාරීන්ගේ අවධානය යොමුවී ඇත.

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඇය විසින් මිලදී ගෙන ඇති රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය ඊට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාවිච්චි කර ඇත්තේ යුද හමුදාවට ආහාර සපයන සැපයුම්කරුවකු වන මධුර වික්‍රමරත්න නමැත්තෙකුගේ හැඳුනුම්කම මත බව අනාවරණය කරගෙන තිබේ.

එම රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති වික්‍රමරත්න පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ගෙන්ද පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.


ඔහු කියා ඇත්තේ සිය ඥාතියකු වන මධුර වික්‍රමරත්න ශ්‍රී ලංකා යුද හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුවක් සිදු කරන බවත්, එකී කොන්ත්‍රාත්තුවේදී විවිධ දේශපාලනඥයින් හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් හඳුනාගත් බවත්ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා භාවිත කළඅංක සීබී එම් 1949 දරන රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථය 2020 වර්ෂයේ දී එසේ ලබාදී ඇත. නමුත් පසුව වාහනයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත 2021 වර්ෂයේදී එම ජීප් රථය භාවිතයෙන් ඉවත් කරගෙන ඇති අතර එය සැකසීමෙන් පසු පියුමි හංසමාලිට විකුණා ඇත.
ගනුදෙනුව රුපියල් ලක්ෂ 780ක් ලෙස සටහන්වූ බවත් වැලිබල් ෆිනෑන්ස් සමාගමෙන් රුපියල් ලක්ෂ 400ක
කල් බදු පහසුකමක් ලබාගෙන මුල් කොටස ගෙවූ පියුමි පසුව අවස්ථා කිහිපයකදී  එහි ඉතිරිය ගෙවා තිබේ.

අපරාධ පරීක්ෂණ නිලධාරීන් වැලිබල් ෆිනෑන්ස් සමාගමේ අලෙවි විධායකයකුගෙන් මේ ගැන ප්‍රශ්නකර තිබෙන අතර පියුමි හංසමාලි ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේ රුපියල් ලක්ෂ 400 ක මුදලක් 2023.03.07 දින ලබාගත් බවත්, එම මුදල දිනකට රුපියල් 33,425 බැගින් අවුරුදු එකක කාලයක් තුළ ගෙවීමට ලබාගත් බවත් දන්වා තිබේ.
ඇය ඒ ආකාරයට මසකට මිලියනයකට ආසන්න වාරික කොටස් ගෙවා තිබෙන අතර 2023 ජුනි 30 වනදා සම්පූර්ණ මුදල ගෙවා අවසන් කර ඇත.
 ඉන්පසු 2023.07.24 දින ස්පීඩ් ඩ්‍රාෆ්ට් පහසුකම යටතේම ඇය තවත් රුපියල් ලක්ෂ 450 ක මුදලක් ලබාගත් බවත්, එම මුදල 2023.12.18 දින ගෙවා අවසන් කර ඇති බවත් වැලිබල් ෆිනෑන්ස් දන්වා ඇත.

 තුන්වන වරට 2023.12.19 දින රුපියල් ලක්ෂ 450 ක මුදලක් ගොනු දෙකක් වශයෙන් ලබාගත් බවත්, ඉන් ලක්ෂ 250ක මුදලක් ෆිනෑන්ස් පහසුකමක් යටතේද, ලක්ෂ 200ක මුදලක් ස්පීඩ් ඩ්‍රාෆ්ට් යටතේද ලබාගත් බවත් ඉන් රුපියල් ලක්ෂ 250 ක මුදල මාසිකව රුපියල් 2,327,847 බැගින් වාරික 12කින් ගෙවා අවසන් කිරීමට ලබාගත් බවත්, රුපියල් ලක්ෂ 200 සඳහා දිනකට රුපියල් 11,057 බැගින් වර්ෂයක් තුළ ගෙවා අවසන් කිරීමට ලබාගෙන ඇති බවත්ය.

මේ ආකාරයට විශාල ප්‍රමාණයෙන් ණය වාරික ගෙවීමට පියුමිට හැකියාව ලැබුනේ ඇය සඳහන් කර ඇති එකම රැකියාව ලෙස දක්වා ඇති රූප ලාවන්‍ය ව්‍යාපාරික කටයුතු වලිනි.

සම සුදු කිරීමට ක්‍රීම් වර්ගයක් ඇය අලෙවි කරන අතර ඇය සතු සමාජ මාධ්‍ය වේදිකාවල ඒ ගැන ප්‍රචාරයන්  සිදුකරමින් ඒවා අලෙවි කිරීමට ඇය මෑතක සිට කටයුතු කර තිබේ.
පියුමි කොළඹ 7 වොඩ් පෙදෙසේ නිවාස සංකීර්ණයක 20 වන මහලේ නිවාස ඒකකයක් මිලට ගන්නේ කෝටි 15 කට ආසන්න මුදලක් ගෙවාය. මුලින් 20 වන මහලේ ඒකකයක් ගන්නා ඇය පසුව එය හරි නැතැයි කියා 23 වන මහලේ ඒකකයකට මාරුවූ බවද පරීක්ෂණ නිලධාරීන්ට සැලවී ඇත.

ඇයගේ බැංකු ගිණුම් 19 ක් ගැනද පොලිසිය පරීක්ෂණ අරඹා ඇති අතර අධිකරණ නියම ප්‍රකාරව එම බැංකු මගින් පවත්වායන ගිණුම් විස්තර පොලිසියට ලබාදී ඇත. එම ගිනුම් වලට මුදල් ලැබීම හා ඒවා වියදම් කිරීම ගැන පොලිසිය සටහන් ගොනු කරමින් පවතී.

මීට ටික කලකට ඉහත මැණික් ව්‍යාපාරිකයෙකු ලබාදුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කුඩා නිවසක ජීවත්වූ පියුමි දැන් කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් සුඛෝපභෝගි මහල් නිවාස ඒකකයක හා වොඩ් පෙදෙස් මහල් නිවාස ඒකකයක හිමිකාරිනියකි.

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ කෙටි කලක් තුළ උපයා ගත්තේ යැයි නිරූපිකාවක හා නිළියක වන පියුමි හංසමාලිට එරෙහිව ‘මගෙන් රටට‘ සංවිධානයේ සභාපති සංජය මහවත්ත රහස් පොලිසියටගොනු කළ  පැමිණිල්ල විභාග කරන්නට අධිකරණය අවසර ලබාදීමෙන් පසු මෙම පරීක්ෂණ ඇරඹිණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT