Local

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Thursday, 05 September 2024 - 8:12 pm

සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වෙන මෙරට ජනාධිපතිවරණයේදී ජනතාව සිය ඡුන්දය පාවිච්ච භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය තම මතය ඉදිරිපත් කරයි.

තම සමාජ ජාල ගිණුමේ ඔස්සේ ඇය විසින් පළ කර ඇති එම සටහන මෙසේය.

එළඹෙන ජනාධිපතිවරණයේ දී විවිධ වූ අපේක්ෂකයින් හට මා විසින් සහය පළ කරන බවට ඇතැම් මාධ්‍ය විසින් පළ කර ඇති වාර්තා පිළිබඳ මගේ අවධානය යොමු කළෙමි.

සමහර ජනාධිපති අපේක්ෂකයින් විසින් අවස්ථා ගණනාවක දී ම මෙම මැතිවරණයේදී මගේ සහයෝගය ඉල්ලා සිටිය ද, මෙම අවස්ථාවේ දී මධ්‍යස්ථව සිටීමට මා තීරණය කර ඇති බව අදාළ සියලු පාර්ශවයන් වෙත දැනුම් දීමට කැමැත්තෙමි.

*2024 ජනාධිපතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට සහයෝගය ලබා දීමට මම කටයුතු කර නොමැති අතර, ඉදිරියේ දී හෝ එසේ කිරීමට මා තුළ බලාපොරොත්තුවක් නොමැති බව අවධාරණය කරනු කැමැත්තෙමි*.

මින් පෙර කිසිදාක, අප දේශයේ අනාගතය අද වැනි අවිනිශ්චිතභාවයකට සහ අභියෝගාත්මක ඉරණමකට මුහුණ පා නොමැත.

සියලුම ඡන්ද දායකයින් තම ඡන්දය ප්‍රකාශ කිරීමේදී බැරෑරුම් ලෙස මෙම තත්ත්වය කල්පනා කළ යුතුව ඇත. පුද්ගලයා දෙස නොව, එක් එක් අපේක්ෂකයා විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල හා ප්‍රතිපත්ති, එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන් සතු වැඩපිළිවෙළ හා ක්‍රියාපටිපාටින් මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීම භාරව සිටින පුද්ගලයින්ගේ ධාරිතාව පිළිබඳව ද මෙහිදී මැනවින් අවධානයට ලක්‌කළ යුතු යැයි මම යෝජනා කරමි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ප්‍රමුඛත්වය ලබා දීම, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මය(විශේෂයෙන් සුළු ගොවිතැන), සළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ව්‍යවසායන්, ප්‍රධාන කර්මාන්ත සහ අපනයන මෙන් ම වැවිලි කර්මාන්ත විවිධාංගීකරණය, ජාත්‍යන්තර වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීම යන ප්‍රතිපත්තිවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතු ය.

අවංක සහ යහ පාලනය, රාජ්‍ය දූෂණය පිටු දැකීම මෙන් ම පොරොන්දු වූ ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහතිකයක් ජනාධිපති අපේක්ෂකයන් වෙතින් ඉල්ලා සිටීමට ඡන්දදායකයින් වන අපට අනුලලංඝනීය අයිතියක් ඇත. මෙයින් අදහස් කරන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය ඇතුළු රජයේ සියලුම ඉහළ තනතුරු සඳහා අවංකභාවයෙන් හෙබි කුසලතා සහ සුදුසුකම් පරිපුර්ණ පුද්ගලයින් පත් කිරීමයි. යහපාලනය සහතික කිරීම සඳහා අපගේ දේශයෙන් දුෂණය නැමැති ශාපය අතුගා දැමිය හැකි ආකාරයේ නීති, ක්‍රමවේද සහ ක්‍රියාපටිපාටි ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවයයි.

ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ අවංකභාවය සහ වගවීම ඉල්ලා අදින් වසර දෙක හමාරකට පෙර, 2022 දී ඇරඹි දැවැන්ත ජනතා ව්‍යාපාරය විසින් *රැඩිකල් ක්‍රම වෙනසක්* උදෙසා කළ ප්‍රබල ඉල්ලීම අප විසින් අමතක නොකළයුත්තේය.

යම් රජයක් පිහිටුවීම සඳහා පුරවැසියන් වසර පහකට වරක් ඡන්දය භාවිත කරන නමුත් එම වසර පහ තුළ රාජ්‍ය පාලනය පිළිබඳ කිසිදු පුරවැසි සබඳතාවයක් හෝ සහභාගීත්වයක් නොමැති වත්මන් ක්‍රමය හරහා මෙම අරමුණ ළඟා කරගත නොහැකි බව මම විශ්වාස කරමි.

අප රටේ ක්‍රම වෙනසක් ඇති කිරීම පිළිබඳ අපගේ සිහිනය සඵල කරගැනීමට එකම විසඳුම ආණ්ඩුකරණයේ දී තීරණ ගැනීමේ සහ ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ පුරවැසි සහභාගීත්වය ඇතුළත් රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කිරීම බව

මාගේ විශ්වාසයයි. ඒ සඳහා *ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මහජන සභාවක්* ඇති කළ යුතු බවට මම යෝජනා කරමි. මෙම සභාව ආණ්ඩුව සමග සමාන්තරව ක්‍රියා කරමින්, යෝජිත සියලු රාජ්‍ය ප්‍රතිපත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර සමාලෝචනය කර එම සභාවේ අදහස් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබේ.

මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර පාර්ලිමේන්තුවට මෙන්ම දිස්ත්‍රික් මහජන කමිටු වෙත වාර්තා කිරීමේ බලය ද මෙම සභාවට ඇත.

පහත සඳහන් සිදිල් සංවිධානවල නායකයින්ගෙන් මහජන සභාව සමන්විත වේ

සිවිල් සමාජීය සංවිධාන, වෘත්තීයවේදින්ගේ සංවිධාන, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ ගුරු සංවිධාන, වෘත්තීය සමිති සහ ගොවි සංවිධාන, විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ගේ සංවිධාන, කලාකරුවන්ගේ සංගම් සහ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජයේ නායකයන්.

මෙහි මුළු සාමාජිකත්වයෙන් 40% තරුණයන් වන අතර 40% කාන්තාවන් වනු ඇත. මේ ක්‍රමවේදය මගින් මහජනතාවගේ නියෝජිතයන් හරහා ආණ්ඩුකරණ ක්‍රියාවලිය තුළ වඩාත් පුළුල් සහ සෘජු සහභාගීත්වයක් මහජනතාව වෙත ලැබෙනු ඇත.

මෙය ශ්‍රී ලංකාවේ මහජන සහභාගීත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහතික කිරීම සඳහා නිර්මාණය කර ඇති සුවිශේෂී පාලන ක්‍රමයක් වනු ඇත. මෙය දූෂණය සහ නාස්තිය අවම කිරීමට සහ රාජ්‍ය සේවයේ කාර්‍යාක්ෂමතාව ඉහළ නැංවීමට ඵලදායී විසඳුමක් ද වනු ඇත.

*අප දේශයේ අනාගතය රැඳී ඇත්තේ ඔබ මතය*.

ඉහත ඉදිරිපත් කර ඇති යෝජනාව කෙරෙහි බැරෑරුම් ලෙස මෙනෙහි කරන ලෙසත්, අඳුරු අනාගතයක එළිපත්තේ ඇති අප දේශය නැවත වරක් ප්‍රබුද්ධ හා ශ්‍රේෂ්ඨ දේශයක් ලෙස නැඟී සිටීමටත් ඔබේ වටිනා ඡන්දය භාවිත කරන ලෙස මගේ සහෝදර පුරවැසි ප්‍රජාවගෙන් සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT