Local

ජනපති හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක

Friday, 15 December 2023 - 9:13 pm

  • ඉහළ පෙළේ සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් හෝර්ටන් තැන්න ආශ්‍රිත කලාපය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන්ගේ (High-end Tourism) කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ අද (15) පෙරවරුවේ හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ අඩවි කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි තැන්පත් කර ඇති විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබූ අතර අනතුරුව ඔහිය මාර්ගය ඔස්සේ වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවි දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමි ප්‍රදේශ ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිතියම් මූලාශ්‍රයෙන් නිරීක්ෂණය කළ අතර හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය සහ එහි පේරක කලාපයට අයත් සියලු ඉඩම් එක් සිතියමකට සිතියම්ගත කර කඩිනමින් තමා වෙත ලැබීමට සලස්වන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ශණයට ලක්ව තිබෙන හෝර්ටන් තැන්න සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය ඉහළ පෙළේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් සංවර්ධනය කිරීම මගින් රටට ඉහළ විදේශ විනිමයක් උපයා ගත හැකි බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එම සියලු කටයුතු පරිසර හිතකාමී සහ තිරසර ලෙස ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පැහැදිළි කළේය.
වනෝද්‍යානය ආශ්‍රිත ගම්මානවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලූ අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය තුළින් එම ජනතාවගේ ජීවිත නගා සිටුවීමට ද හැකියාව ලැබෙන බව සඳහන් කළේය.
අනතුරුව උඩවේරිය වතු යාය හරහා වැටී තිබෙන මාර්ගය හා ඒ ආශ්‍රිත ප්‍රදේශය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ ප්‍රධාන භාරකරු ආර්.එම්.එන්.කේ. රත්නායක, මධ්‍ය පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ ජී. වික්‍රමතිලක යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT