Local

දරුවා වැල් පාලමෙන් එගොඩ කළා​ට කරේ තිබ්බ පංචායුධෙත් නෑ, ඇඳන් හිටිය එකත් නෑ - අනුර

Wednesday, 13 December 2023 - 8:56 pm

රට ගොඩ ගැනීමට නම් දේශපාලනයකින් තොරව වැරදි කළ සියලු පුද්ගලයින් ඉවත් කළ යුතු බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව රට හුදෙක් දේශපාලන පරිවර්තනයකින් පමණක් ගොඩගැනීමට නොහැකි බවත්, රට ගොඩ නැගීමට නම් ජාතිය අලුතෙන් අවදි කළ යුතු බවයි අද (13) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මෘදුකාංග වෙළඳපොළට බදු පැනවීම හරහා මෙරට ස්ථාපිත සමාගම් වෙනත් රටවලට යාමට හැකි බවත්, රජය බදු පනවා ඇති ආකාරයට ලංකාවේ සමාගමක් ලංකාව තුළ ඇති මෘදුකාංග සමාගමකින් මෘදුකාංගයක් මිලදී ගතහොත් වැට් බද්දට යටත් වන බවත්, නමුත් එය විදෙස් සමාගමකින් මිලදී ගතහොත් වැට් බද්දෙන් නිදහස් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
මෙරට තිබෙන සමාගම් කිහිපයද රටින් ඉවත් කර ගැනීමට රජය නීති සාදා ඇති බවත්, එලෙස නීති සාදා දරුවා යාන්තමින් වැල් පාලමෙන් එගොඩ කළ බවට පසුව රජය ප්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.
නමුත් දරුවා ඇඳ සිටි කලිසම හෝ සපත්තු හෝ පංචායුධයද නැතිවී ඇති බවත්, රටට මේ අවස්ථාවේ සිදුව ඇත්තේද එවැනි ආකාරයේ දෙයක් බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT