Local

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය

Friday, 10 November 2023 - 6:00 pm

ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කළ පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය 2023 ඔක්තෝබර් 28 හා 29 යන දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේ දී ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදී.

“2024 අයවැය සඳහා තරුණ යෝජනා” යන තේමාව ඔස්සේ පළමුවැනි දින විවාදය පැවැත්වුණු අතර, දෙවැනි දින විවාදය පැවතියේ “දේශගුණික විපර්යාසයන් හමුවේ ශ්‍රී ලංකා තාරුණ්‍යයේ කාර්ය භාරය” යන තේමාවෙනි.

මෙහිදී පළමු දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගී වූ අතර දෙවැනි දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න යන මහත්වරු සහභාගි වූහ.

මීට අමතරව විශේෂ ආරාධිත අමුත්තන් ලෙස, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන්, නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය අතුල පතිනායක සහ ජාතික තරුණ සේවා සභාවේ සභා අධ්‍යක්ෂ ප්‍රදීප් මාපලගම යන මහත්වරු සහභාගි වූහ.

මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේ ජාතික තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැඩි වටිනාකමක් ලබාදීම සඳහා ජාතික තරුණ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවීමට ජනාධිපතිතුමගේ උපදෙස් මත මීට පෙර සැසිවාරයේ දී තමා ලබා දුන් පොරොන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා වන අවසන් අදියරේ ක්‍රියාමාර්ග මේ දිනවල සිදු කරමින් සිටින බවයි. මීළඟ තරුණ පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් පත්වන්නේ එම පනත තුළින් බවද ඒ මහතා පැවසීය.

තව ද ඉදිරි තරුණ පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා දේශපාලනය, පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, අන්තර්ජාතික සබඳතා ආදී විෂය ක්ෂේත්‍රයන් ආවරණය වන පරදි විශේෂ ඩිප්ලෝමාවක් හඳුන්වාදීම සඳහා ජාතික තරුණ දේශපාලන විද්‍යායතනය පිහිටුවීමට තමා දුන් පොරොන්දුව ද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් බව ඒ මහතා පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ‍රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේ ජාතික පාර්ලිමේන්තුවට අනාගතයේ දී තේරී පත්වන නියෝජිතයන් මනා ලෙස පුහුණු කිරීමක් සිදු කළ යුතු බවත්, යෝජිත තරුණ පාර්ලිමේන්තු පනත හා දේශපාලන විද්‍යායතනය ඒ සඳහා ඉතා කාලෝචිත පියවරයන් වන බවත්ය.

එමගින් අනාගතයේ දී මනා දැනුමකින් යුතු ජනතා නියෝජිතයන් පිරිසක් රටට දායාද කිරීමට හැකිවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එසේම තරුණ තරුණියන් ව්‍යවසායකයින් ලෙස බලගැන්වීම යුගයේ අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එමගින් මෙරට තරුණ්‍යය අද වන විට මුහුණදෙන ප්‍රබලතම ගැටලුවක් වන විරැකියාව තුරන් කිරීමට හැකිවන බව ද පැවසීය.

තව ද, ජනාධිපතිතුමන්ගේ හා අමාත්‍යතුමන්ගේ උපදෙස් මත, අයවැය යෝජනා පිළිබඳව තරුණ තරුණියන්ගේ අදහස් විමසා බැලෙන මීළඟ තරුණ පාර්ලිමේන්තුව එළැඹෙන නොවැම්බර් මස 18 හා 19 දෙදින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ද තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජනරාල් පසිඳු ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT