ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 27ක් සමගි ජන සන්ධානය සමග ගිවිසුම් ගතවී තිබේ.
මෙලෙස ගිවිසුම් ගතවී ඇත්තේ මානුෂිය ජනතා සන්ධානය නියෝජනය කරන එක්සත් ලංකා පොදුජන පක්ෂය, ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්‍රසය, ජාතික පෙරමුණ ඇතුලු පක්ෂ 27කි.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ඇතුළු එක්සත් වාමාංශික පෙරමුණ ද තීරණය කර තිබේ.