බිම් මට්ටමේ සිටින ජේවීපී කාරයන් බලා සිටින්නේ ගම් මට්ටමේ ගමේ සිටින අනෙක් දේශපාලන නායකයන් පාගා පොඩි කරලා මරලා ගෙවල් ගිනි තියන්නේ කොයි වෙලේදැයි කියා බව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.
ඒ සඳහා අවස්ථාවක් දීමට සූදානම් නැති බවද පැවසූ ඔහු ජනතා විමුක්ති පෙරමුණා අද බලය ඉල්ලන්නේ කිසිදු වැඩපිළිවෙක් නැතුව බවත් කියා සිටියේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.