Local

බ්‍රහස්පතින්දා නාමයෝජනා දිනයේ ඩ්‍රෝන, ස්නයිපර් සමග පොලිස් නිලධාරීන් 4,500 ක්

Sunday, 11 August 2024 - 1:17 pm

ලබන 15 වන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණ නාමයෝජනා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂාව සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට අධික පිරිසක් යොදවා ඇතැයි වාර්තාවේ.

සිකුරාදා මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කෙරිණි. මෙම රැස්වීමට මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක සහ විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරු සහභාගි වූහ..

රත්නායක මහතා පැවසුවේ අපේක්ෂකයින්, ඔවුන් සමඟ එන අය සහ පක්ෂ ආධාරකරුවන් කෙරෙහි ආරක්ෂක සැලසුම් අවධානය යොමු කරන බවයි. ගොඩනැගිල්ලේ සහ ආසන්න ප්‍රදේශයේ ආරක්ෂාව භාරව සිටින්නේ STF ය.

පෙරවරු 9 සිට 11 දක්වා නාමයෝජනා භාර ගැනීමට නියමිත අතර 11 සිට 11.30 දක්වා විනාඩි 30 ක විරෝධතා කාලයක් සහිතය.මේ වන විට අපේක්ෂකයින් 27 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති නමුත් බදාදා වනවිට ඇප මුදල් භාර ගැනීම හේතුවෙන් සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. රත්නායක මහතා පැවසුවේ අපේක්ෂකයා සමඟ නාමයෝජනා ශාලාවට ඇතුළු විය හැක්කේ  එක් නීතිඥවරයෙකු ඇතුළු දෙදෙනෙකුට පමණක් බවයි.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT