Local

සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාවය ගැන රජයේ නිලධාරීන් වගකිව යුතුයි..- අගමැතිනි

Saturday, 12 October 2024 - 9:01 pm

මින් ඉදිරියට රට තුළ ක්‍රියාත්මක කෙරෙන සංවර්ධන ව්‍යාපෘතිවල යෝග්‍යතාව හා ජනතාවට අත්වන ප්‍රතිලාභ සම්බන්ධයෙන් රජයේ නිලධාරීන් වගකව යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළේ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් හා මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ජ්‍යෂ්ඨ නිලධාරීන් සමග එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

“දේශීය සහ විදේශීය මූල්‍ය ප්‍රතිපාදන යටතේ සිදු කරන රජයේ සියලු සංවර්ධන ව්‍යාපෘතියවලදී රාජ්‍ය නිලධාරීන් සතු විශේෂඥ දැනුම භාවිත කරමින් අදාළ පාර්ශව සමග යහපත් සංවාදයක් ගොඩනගා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. රජය ලෙස අවශ්‍ය මඟ පෙන්වීම අපි සිදු කරනවා. ඒ නිසා එවැනි අවස්ථාවන්වලදී නිරන්තර අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදුකරන්න වග බලා ගන්න. ව්‍යාපෘති සිදු කිරීමේ දී රජයට වාසි සහගත තත්ත්වයක් යටතේ අදාළ සංවර්ධන ව්‍යාපෘතීන් සිදුකිරීමට රාජ්‍ය නිලධාරීන් ලෙස වගකීමක් ඔබට තියෙනවා. මේ ව්‍යාපෘතීන් බොහොමයක් ණය ලෙස ලැබෙන දේවල්. මේ සියල්ල යළි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා ව්‍යාපෘති ආරම්භ කිරිමට පෙරාතුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය රටට යෝග්‍යද නැද්ද යන්න පිළිබඳ මහජන මිත්‍රශීලී හැඟීමෙන් තීරණය කරන්න. එවැනි නිලධාරීන් වෙනුවෙන් අපේ රජය ඕනෑම විටක පෙනී සිටින්න සූදානම්.

මෙතක් කලක් මේ රටේ නිදහස් දින උළෙල පැවැත් වුණේ ප්‍රභූන් වෙනුවෙන්. 2025 සිට නිදහස් උළෙල රටේ ජනතාව වෙනුවෙන් පැවැත්වීමට රජය අපේක්ෂා කරනවා. නිදහස් උත්සවයෙන් පාසල් දරුවන්ට, සාමන්‍ය ජනතාවට පීඩාවක් නොවන ලෙස සංවිධානය විය යුතුයි.

අමාත්‍ය නිල නිවාස භාර දීම දේශපාලන පළිගැනීමක් ලෙස දකින්න එපා. අමාත්‍යධුර අහෝසි වීමත් සමග නිල නිවාස භාර දීම සිදුවිය යුත්තක්. මෙතෙක් නිල නිවාස භාර නොදුන් අය වෙත යළි සිහි කැඳවීමක් කරන්න. ප්‍රතිචාර නොලැබෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න.

එමෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට ඉඩමක් පැවරීම සම්බන්ධයෙන් සමාජයේ මතුව ඇති පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් අමාත්‍යංශ නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යතුමිය වෙත සිදු කරන ලදි.

එහීදී අනාවරණය වූයේ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා භාවිතා කළ නිල නිවාසය, 1994 වර්ෂයේදී එවකට අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ මහතා විසින් ඉදිරිපත් කරන ලදුව කැබිනට් මණ්ඩලය මගින් සම්මත කරන ලද යෝජනාවක් මත අදාළ පාසල දෙපසට වන්නට ඇති ඉඩම් කැබලි දෙකක් සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට පැවරීමට එවක රජය තීරණය කොට තිබූ බවත්, අංක 11 දරණ ඉඩම අදාළ යෝජනාව සම්මත වීමත් සමගම පාසලට පැවරීමට එවක රජය කටයුතු කළද අංක 3 දරණ ඉඩමෙහි ඇමති නිල නිවාසයක් පැවතීම හේතුවෙන් මේ වන තෙක් පවරා ගැනීමක් සිදුව නොතිබුණ බවය. ඒ අනුව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ කඩිනමින් අදාළ නිවස භාර ගෙන මැනුම් කටයුතු සිදු කර එකී ඉඩම පාසල වෙත භාර දීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT