Local

එකම රැහේ උන් මඩ ගහලා.. රෝහිණී පොලිසි යයි.. නඩුත් යනවාලු..

Friday, 25 October 2024 - 7:49 pm

අසත්‍ය, අවලාදාත්මක සහ අපහසාත්මක කරුණු සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම පිළිබඳ අපරාධමය චෝදනා එල්ලකරමින් විමර්ශනයක් සිදු කරන ලෙස මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න මහත්මිය රත්තොට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පොලිස් පැමිණිල්ලේ දැක්වෙන්නේ, තමන්ට අසත්‍ය වූ ද, අවලාදාත්මක වූ ද, සැලසුම් සහගත හා සචේතනික ආකාරයේ චෝදනා රැසක් එල්ල කරමින් සමාජ මධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දී තමාගේ කීර්තියට හානි කර ඇති බවයි.

රත්තොට පොලීසිය වෙත සාපරාධී අපහාසය පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව කවිරත්න මහත්මිය ජනමාධ්‍ය හමුවේ පැවසූවේ, 2022 වසරේ හොඳම කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ලෙස ද, 2023 – 24 ඉහළම ශ්‍රේණිගත කිරීම් සහිත තමන් ළමා සහ කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දේශීය හා විදේශීය පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බව ය.

කාන්තා මහජන නියෝජනය පුළුල් කිරීම සම්බන්ධයෙන් තමන් සෑම විටම හඬ නගන බවත්, මැතිවරණ ව්‍යාපාරයන් හි දී කාන්තාවන් වෙත සාපරාධී අපහාසයන් සිදු කිරීම වැලැක්වීමට නීති සම්පාදනයේ තමන් නිරත වූ බවය.

කාන්තාවන් දේශපාලනයට පැමිණීම වැලැක්වීම සඳහා සැලසුම් සහගත සාපරාධී අපහාසයන් ලංකා දේශපාලනයේ සුලභය. ප්‍රායෝගිකව එය පරාජය කිරීමේ වගකීම වෙනුවෙන් තමන් කැපවන බව ද කවිරත්න මහත්මිය පවසයි.

සමාජ මාධ්‍ය මගින් කාන්තාවන්ට, විශේෂයෙන්ම දේශපාලනයේ නිරත කාන්තාවට ට එල්ල වන අපහාසයන් ගැන විධිමත් විමර්ශන සිදු විය යුතුයි. සමාජ මාධ්‍ය මගින් සිදු කරන මඩ දේශපාලනය පිටුදැකිය යුතුය.

පසුගිය මැතිවරණ දෙකේ දී ම, තමන්ට මෙවැනිම අසත්‍ය හා අපහාසාත්මක චෝදනාවන්ට නිකරුණේ ලක්වීමට සිදු වූ බවත්, මෙවර අනාගතයේ කිසිම දිනෙක එවැනි තත්වයකට කාන්තා දේශපාලනඥයින් පත්වීම වැලැක්වීමට තමාට පෙරමුණ ගැනීමට සිදුව ඇති කවිරත්න මහත්මිය පවසයි.

පොලීසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව, රැස්ව සිටි පිරිස ඇමතු කවිරත්න මහත්මිය පැවසූවේ, මෙම අපරාධයට ප්‍රසිද්ධ ෆේක් පොෆයිල් යොදා ගනිමින්, දේශපාලනයේ නිරත අය ද සම්බන්ධවී තිබෙනවා. මේ පිළිබඳ වෝහාරික දත්ත විශ්ලේෂණයක් සිදු කර අන්තර් ජාල අපරාධ වැලැක්වීම යටතේ අපරාධමය නඩු පැවරීමකට හා වන්දි ලබා ගැනීමට පියවර ගන්නවා.

පරිගණක අපරාධ වැලැක්වීම, සමාජ මාධ්‍ය මගින් අපහාස කිරීම වැලැක්වීම සඳහා මම වසර හතරක් පුරා නීති සම්පාදන ක්‍රියාවලියේ නිතර වුණා. පාර්ලිමේන්තුව මගින් නීති සම්පාදනය කරන්නේ ඒවා ක්‍රියාත්මක කරලා අපරාධ වැලැක්වීමටයි. සමාජ මධ්‍ය තියෙන්නේ විරුද්ධවාදීන්ට මඩ ගහන්න නෙවෙයි.

අපහාසාත්මක හා අසත්‍ය ප්‍රකාශ මගින් අප ගේ මැතිවරණ ව්‍යාපාරය අඩපණ කරන්නට බෑ. වෛරයේ දේශපාලනය වෙනුවට අපි ශිෂ්ඨ හා ගෞරවණීය දේශපාලන සංස්කෘතියක් බිහි කර ගත යුතුයි. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා කැප විය යුතු යැයි ද, කවිරත්න මහත්මිය පැවසුවාය.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT