Local

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්න

Wednesday, 04 September 2024 - 5:14 pm

අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට මම වේදිකාවට එන්නේ පොරොන්දු ඉෂ්ට කරලයි

එම කටයුත්ත දැනටමත් මා ඉටු කර අවසන් – ජනපති සජබට හා ජාජබට කියයි

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ යෝජනා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඉවත් කර ගන්නා ලෙසත් තමන් දැනටමත් එම කටයුත්ත ඉටු කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට පැවසීය. අනෙක් නායකයන් වේදිකාවල පොරොන්දු දී යන විට, තමන් සැමවිටම වේදිකාවට පැමිණියේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කර බව පැවසූ ජනාධිපතිවරයා අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව තමන්ට ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි මීට වසර දෙකකට පෙර කිසිවකු නොසිතූ බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (03) පැල්මඬුල්ල සතිපොළ භූමියේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි. එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම ජන හමුවට අතිවිශාල ජනතාවක් එක්ව සිටියහ. ජන හමුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සජිත් ප්‍රේමදාසට ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැකි බවයි. ඔවුන් කරන්නේ මනමේ කුමරිය මෙන් අනුර කුමාරට අත දීම බව පැවසූ ජනාධිපතිවරයා එය කිරීමට ඉඩ නොදෙන ලෙස තමා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටින බව ද කීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමේ වාර්තාව ඊයේ (03) මට ලැබුණා. එසේනම් මම මේ වේදිකාවට පැමිණියේ එක පොරොන්දුවක් ඉෂ්ට කරලයි. මම පොරොන්දු දීලා යන්නේ නැහැ. පොරොන්දු ඉෂ්ට කර ඇවිත් ඒ බව කියනවා. ඒ නිසා ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශනවලින් ඊට අදාළ යෝජනා ඉවත් කර ගන්නා ලෙස මම සමගි ජන බලවේගයට සහ ජාතික ජන බලවේගයට කියනවා. මීට වසර දෙකකට පෙර අප මේ රට භාර ගන්නා විට අද මෙලෙස වේදිකාවට පැමිණ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළ බව ප්‍රකාශ කිරීමට හැකිවනු ඇතැයි කිසිවකු සිතුවේ නැහැ. එදා මෙම කණ්ඩායම මා සමඟ බය නැතිව මෙම අභියෝගය භාර ගත්තා. විවිධ පක්ෂවල කණ්ඩායම් මා සමඟ එක් වුණා. රුපියල බේරා ගනිමින් රටේ අර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑමට අපට අසීරු තීරණ ගැනීමට සිදු වුණා. අප මෙම පියවර නොගත්තා නම් අද අපට මෙම තත්ත්වයෙන් ඉන්න වෙන්නේ නැහැ. ග්‍රීසිය මුහුණ දුන් තත්ත්වයට පත්වීමට සිදු වෙනවා. අප 2023 වසරේදී අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කර ජනතාවට සහන ලබා දුන්නා. ඒ වගේම 2024 වසරේ රජයේ සේවකයන්ගේ දීමනා ඉහළ නැංවීමට මෙන්ම ජීවන බර දරාගත හැකි තත්ත්වයකට ගෙන ආවා. මෙම වැඩකටයුතු මෙතනින් අවසන් වන්නේ නැහැ. අප දළ දේශීය නිෂ්පාදනය ඉහළ නංවා තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කළ යුතුයි. මෙවර ජනාධිපතිවරණයේදී මා ඉල්ලා සිටින්නේ එම පියවර අනාගතය වෙනුවෙන් ගෙන යෑමේ ජනවරමයි. අපේ රටේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගත යුතුයි. අප අවුරුදු 02ක් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා කියා තවම රටේ අර්ථික ස්ථාවරත්වය තහවුරු වී නැහැ. නැවතත් මේ රටේ ආර්ථිකය කඩා වැටෙන්න පුළුවන්. ඒ නිසා අපට ඉදිරියට යෑමට හැකියාව තිබෙන්නේ විධිමත් සැලැස්මක් ඔස්සේ පමණයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT