Local

සම සුදු කර ගැනීමේ ආලේපන සම්බන්ධව දැනුවත් කිරීමක්

Monday, 14 October 2024 - 9:29 am

අන්තර්ජාලය හරහා අලෙවි කරනු ලබන සම සුදු කර ගැනීමේ අලේපන සහ දියර වර්ග භාවිත කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එහි පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ වර්තමානයේ කාන්තාවන් අන්තර්ජාලය හරහා සම සුදුකර ගැනීමේ ආලේපන භාවිත කිරීම හේතුවෙන් සෞඛ්‍ය පිළිබඳ ගැටලු රැසක් මතුව ඇති බවයි.

ආලේපන වර්ග වෙළදාමට පනවා තිබූ නියාමනයන් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පාරිභෝගික හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා සදහන් කළේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අසේල බණ්ඩාර මහතා,

'විශේෂයෙන් සමාජ මාධ්‍යට ගියොත් දකින්න ලැබෙනවා වෙළෙඳ දැන්වීම් එනවා ඉතාමත් ලස්සන කාන්තාවක් ඇවිල්ලා මම ගාන්නේ අහවල් ක්‍රීම් වර්ගය කියලා එයා ක්‍රීම් වර්ගයක් ඉදිරිපත් කරනවා වෙන්නේ පුළුවන්. අපි ඒක දකින්නේ වෙළෙඳ දැන්වීමක් ලෙස තමයි. 

ඒ වෙළෙඳ දැන්වීම අපි ඔබලා බැලුවොත් ඒ වෙළෙඳ දැන්වීම දාපු කෙනාගේ දුරකථන අංකයක් විතරක් තියෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට දුරකථන අංකයකුත් නැහැ, ලිපිනයකුත් නැහැ. විශේෂයෙන්ම සමේ ආලෙප කරන මේ වගේ දේවල් අපි ගෙන්නගෙන පාවිච්චි කරලා යම් කිසි ගැටලුවක් අවොත් එහෙම අපිට හොයාගන්න බැහැ කොයි වගේ පුද්ගලයෙක්ද අපිට මේ භාණ්ඩය විකුණුවේ කියලා. 

ඒ කියන කාරණය සම්බන්ධයෙන් අපේ කාන්තාවන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ සාමාජ මාධ්‍ය ඔස්සේ මේ වගේ දෙවල් ඇනවුම් කරලා ලබාගැනීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඔය කියන ක්‍රීම් වර්ග ආලේපන වර්ග භාවිතා කිරීමෙන් අපි අයින් වෙන්න ඕනේ.'


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT