Local

මාතලේ අපනයන බෝග චිනයට යවන්න අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබුවා. - රාජ්‍ය ඇමති රෝහණ

Sunday, 12 November 2023 - 12:01 pm

සුලු අපනයන බෝග ඇතුලු අනෙකුත් බෝග වගාවන් සදහා වැඩි විභවතාවයක් ඇති රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය කේන්ද්‍රකරගෙන චිනය සදහා අගයදාම වැඩි කළ අපනයන බෝග අපනයන කිරිමේ සෘජු වැඩපිළිවෙලක් සදහා චින රජය සහ ලක් රජය සමග වෙළද අවබෝධතා  ගිවිසුම් කිහිපයකට  අත්සන් තැබු බවත් එමගින්  කර්මාන්ත ශාලා කිහිපයක් මාතලේ ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව රත්තොට ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති/ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවති සම්බන්ධිකරණ කමිටු රැස්විමට ඉකුත්දා සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියා සිටියේ රත්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මිරිස්,කරාබු,කෝපි,කුරුදු  ඇතුලු අපනයන බෝග සහ අනෙකුත් ආහාර බෝග වගා කිරිමට විශාල අවශ්‍ය පාරිසරික සහ වෙනත් සාධක තියෙනවා.අපි කාලයක් තිස්සේ සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින් දේශිය වෙළදපොල ඉලක්ක කරගෙන මෙම කටයුතු සිදු කරමින් සිටිනවා.මේ වන විට රටේ ආර්ථිකය හොද අතට ක්‍රම ක්‍රමයෙන් හැරිගෙන එනවා.පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චිනයේ සිදු කළ සංචාරවලදි ගිවිසුම් රැසකට අත්සන් තැබුවා.ඊට සමගාමිව චිනයේ චන්දු නගරය හා මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගෙන මාතලේ ඇති අපනයන බෝග අගය එකතුකරමින් අපයනයම ඉලක්ක කරගනිමින් භාණ්ඩ නිෂ්පාදනයටත් ආහාර බෝග ඇතුලු අනෙකුත් දේවල් ලෝක වෙළදපොළ ජයගත හැකි නවින තාක්ෂණය යොදා ගනිමින් ඇසුරුම් ක්‍රම සිදු කර අපනයන කිරිමට හැකිවන පරිදි නිෂ්පාදන සිදු කිරිමට අප ගිවිසුම් කිහිපයක් අත්සන් කළා.අද වන විට අපි ඉන්නේ ප්‍රාථමික ක්‍රම මගින් සිදු කරන නිෂ්පාදනයි.මාතලේ කියන්නේ විශාල විභවතායක් ඇති දිස්ත්‍රික්කයක් මේ සියල්ල අපට චිනය සදහා අපනයන කරන්න පුළුවන්.ඉදිරි දිනෙක චින අයෝජකයින් පිරිසක් මාතලේට පැමිණෙනවා.ඔවුන්ට අපේ නිෂ්පාදන සහ බෝගයන් පිළිබදව අවබෝධයක් ලබා දි කර්මාන්ත ශාලා මාතලේ ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා.මේ තුළින් මාතලේ ජනතාවගේ ආර්ථික මට්ටම වැඩිවෙනවා වගේම.අපේ රටට විදේශ විනිමය විශාල ලෙස ලැබෙනවා.අද වන විට ජනාධිපතිතුමා විශාල වැඩකොටසක් සිදු කරනවා.අප යැපුම් මානසිකත්වයෙන් ඉවත් වි අපේ නිෂ්පාදන ආර්ථිකයක් තුළින් රටේ දළ දේශිය නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කළ යුතුයි.මේ සදහා අපට හැකි උපරිම ආකාරයෙන් දායකත්වය ලබා දිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසිය.
මාතලේ අතිරේක දිසාපත/රත්ත‍ොට වැඩබලන ප්‍රාදේශිය ලේකම් එල්.රියාල්දින් මහත්මිය ඇතුලු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වි සිටියහ.
 


Top Stories
wedivistara

ලක්ෂ 80ක් වංචා කළැයි කෙහෙළියට පුතාට ඇප

wedivistara

ජනපතිවරණ සමයේ රනිල් දුන් මත්පැන් බලපත් පිළිබඳ විස්තර උසාවියට ඉල්ලයි

wedivistara

හිටපු ඇමැති පියසේන ගමගේගෙන් අල්ලස් කොමිසම පැය 2ක් ප්‍රශ්න කරයි

wedivistara

A330-200 ගුවන්යානය අද දිවයිනට

wedivistara

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

wedivistara

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT