Local

විපක්ෂයේ සන්ධානය ගැන අදත් සාකච්ඡා කිහිපයක්

Thursday, 26 September 2024 - 9:47 am

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ සියලු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් දේශපාලන සන්ධානයක් යටතේ තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර අද (26) දිනයේත් ඒ පිළිබඳ සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද පෙරවරුවේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සහ ලකුණ සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරිමට නියමිත අතර සන්ධානගත වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු පිළිබඳව ද මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර අද පස්වරු 4.00ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයේ දී ඔහුට සහාය පළ කළ කණ්ඩායම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට පැමිණි මන්ත්‍රී කණ්ඩායම විසින් පසුගියදා පිහිටුවනු ලැබු පොදුජන එක්සත් නිදහස් පෙරමුණට මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව නොමැති බව ද වාර්තා වේ.

කුසලානය යටතේ තරග වැදීමට නම් අදාළ සන්ධානයට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවිය යුතු අතර මෙතෙක් ඒ සඳහා අනුමැතිය හිමිව නොමැති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් පොදුජන එක්සත් පෙරමුණ යටතේ 'පුටුව' ලකුණින් ඉදිරි මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් ඒ පිළිබඳව අද දිනයේ රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් එකඟතාවයකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර පසුගිය ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කළ කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT