මින් ඉදිරියට කිසිදු මන්ත්‍රීවරයෙකුට වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා නොදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ඒ අනුව රාජකාරීමය අවශ්‍යතාවය සඳහා ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට වාහනයක් තිබිය යුතු බවට පිළිගන්නා බවයි ඊයේ (20) පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බවත් එම ලබාදෙන වාහනය ඉවත් වන අවස්ථාවේදී යළි රජයට භාරදීම හෝ එහි වටිනාකම ගෙවා තමන් සතු කර ගැනීමට හැකි වන ආකාරයෙන් කටයුතු කරන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් සඳහන් කළේ.