මෙවර ජනාධිපතිවරණයේදී රජයේ සේවකයන්ට තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා අවශ්‍ය වන නිල ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත මලු බෙදා හැරීම අද (26) සිට ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 4, 5 සහ 6 යන දිනවලදී සිදු කිරීමට නියමිතයි.
අදාළ දිනවල තැපැල් ඡන්ද සළකුණු කිරීමට නොහැකි වන රජයේ සේවකයින්ට ලබන මස 11 සහ 12 යන දිනවලද ඊට අවස්ථාව පවතිනවා.
මෙවර ජනාධිපතිවරණයේ තැපෑලෙන් ඡන්දය සළකුණු කිරීම සඳහා රජයේ සේවකයින් හත් ලක්ෂ 12,321 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.