Local

තාත්තා නවත්වපු තැනින් ඉදිරියට අරන් යනවා -නාමල්

Monday, 19 August 2024 - 8:26 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට සිදුකරගෙන යාම තම වගකීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙත අද (19) පැමිණ ආශිර්වාද ලබාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. 

මාධ්‍යවේදියා - රෝහිත අබේගුණවර්ධන කියලා තියෙනවා මොන්ටිසෝරි ළමයි එක්ක මේවා කරන්න බැහැ කියලා, ඔබතුමා මොන්ටිසෝරි ළමයෙක්ද?

'එතුමා මම ගැනද කිව්වේ' වෙනකෙනෙක් ගැනද කිව්වේ කියලා එතුමාගෙන්ම තමයි අහන්න ඕන.

මාධ්‍යවේදියා - දෙමළ මුස්ලිම් ඡන්ද නැතුව දිනන්න පුළුවන්ද ඔබතුමාට?

'අපි අනෙක් දේශපාලන පක්ෂ වගේ මැතිවරණ කාලයේදී වාසි ලබාගන්න අපේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. අපිට පුළුවන් දේ පුළුවන් කියනවා. බැරි දේ අපි බැහැයි කියනවා.

පොලිස් සහ ඉඩම් බලතල දෙන්න බැහැ. නැත්නම් උතුරු නැගෙනහිර ඒකාබද්ද කරන්න බැහැ. මේ රට බෙදන්න බැහැ.

මාධ්‍යවේදියා - තාත්තා නවත්වපු තැනින් ඔබතුමා පටන් ගන්නවා කියලද කියන්නේ?

'පැහැදිලිවම. 2015 රට සංවර්ධනය කරලා නතර කරපු තැනින් ඉදිරියට අරන් යනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT