Local

ආර්ථිකයට කාන්තා දායකත්වය වැඩිපුර ලබාගැනීම මගේ ඉලක්කයයි - දිලිත්

Sunday, 15 September 2024 - 9:32 pm

මෙරට දළ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සම්බන්ධ නොවන කාන්තාවන් ඊට සම්බන්ධ කරගැනීම සිය අභිප්‍රාය බව සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කලල්ගොඩ ප්‍රදේශයේදී පැවැති වැඩසටහනක් අමතමින් ඔහු එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සර්වජන අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා,

'මම දේශපාලනය සඳහා ඉදිරිපත්වන ප්‍රධාන හේතුවක් තමයි ලංකාවේ කාන්තාව. දිගින් දිගටම අවුරුදු ගණනක් තිස්සේ මම ලංකාවේ කාන්තාවන් ආමන්ත්‍රණය කළා. ලංකාවේ කාන්තාවගේ ව්‍යවසායකත්වය අපි එළියට ගන්න ඕනේ. ලෝකයේ සියලුම මව්වරුන්ට වඩා ලංකාවේ මව දැනටමත් සාර්ථක ව්‍යවසායිකාව බවට පත්වෙලා. ඔබගේ ගෙදර ගෘහස්ථ ආදායම භාගයකට අඩුවී ඇති අවස්ථාවක ජීවන වියදම හතර ගුණයකින් වැඩිවෙලා තියෙන වෙලාවක තවමත් කුටුම්බය කඩානොවැටී පවතිනවා. බිරින්දෑවරුන් කැපවෙන්නේ පවුලේ සතුට වෙනුවෙන්. 53%ක් කාන්තාවෝ ඉන්නවා එයින් වැඩිදෙනෙක් ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතය වැඩිකරගැනීමට නම් ලංකාවේ කාන්තාවෝ ආර්ථික ක්‍රියාවලියට එක් කරගත යුතුයි. මම හිතනවා ශ්‍රී ලංකික කාන්තාව තමයි සතුටු දැයක් නිර්මාණය කළ හැකි චරිතය. මොකද ඔබ ගෙදර සැමියාවත් කළමනාකරණය කරගන්නවා. ඒක තමයි ව්‍යවසායකත්වය කියන්නේ. ඒ කළමනාකරණය තුළින් ලංකාවේ පවුල සතුටින් තබාගන්න ඔබ දරන උත්සාහය ගැන සතුටු වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මෙවර ලාංකික කාන්තාව තමන්ගේ දරුවන් වෙනුවෙන්, නූපන් දරුවන් ගැනත්, අනාගතය ගැනත් සිතා නිවැරදි තීරණය ගැනීමෙන් පසු තරුවක් දිලෙනා බව පෙනෙයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT