Local

කුඩු අල්ලන්න යුක්තිය මෙහෙයුමට නෙදර්ලන්තයෙන් පොලිස් නිල සුනඛයන් 35 ක්

Saturday, 06 July 2024 - 9:49 pm

පොලිස් නිල සුනඛයන් 35 දෙනෙකු නෙදර්ලන්තයේ සිට ශ්‍රී ලංකා පොලිස් නිල සුනඛ කොට්ඨාසයට ඊයේ (5) දින රැගෙන විත් තිබෙයි.

යුක්තිය මෙහෙයුම මගින් දිවයින පුරා සිදු කරන මත්ද්‍රව්‍ය වැටලීම් කාර්යක්ෂමව සිදු කර ගැනීමට සහ අපරාධකරුවන් හඳුනා ගැනීම හා පුපුරණ ද්‍රව්‍ය හදුනා ගැනීම සඳහා ඔවුන් යොදාගන්නට නියමිතය.

බෙල්ජියම් මැලි නොයිස් (Belgiam Malinois) වර්ගයේ සුනඛයන් 13 දෙනෙකු, ජර්මන් ෂෙපර්ඩ් (German Shepherd) වර්ගයේ සුනඛයන් 12 දෙනෙකු සහ ඉංග්ලිෂ් ස්පැනියෙල් (English Span- iel) වර්ගයේ සුනඛයන් 10 දෙනෙකු මෙම සුනඛයන් අතර සිටී.

එම සුනඛයන් පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත කුලසේකර මහතා සහ නිල සුනඛ කොට්ඨාසයේ පශු වෛද්‍ය අමල් දිසානායක මහතා විසින් පරීක්ෂා කර බලා මෙරටට රැගෙන එන ලදී.

කටුනායක ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතන පරිශ්‍රයේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා විසින් මෙම සුනඛයින් භාර ගන්නා ලදී.

 
මෙම සුනඛයන් කටුනායක ගුවන් තොටුපොල ගුවන් භාණ්ඩ පර්යන්තයේ සිට ගුවන් තොටුපොල සත්ව නිරෝධායන ආයතනය වෙත රැගෙන විත්, එහි පශු වෛද්‍ය නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමෙන් පසුව පොලිස් නිල සුනඛ අංශය වෙත රැගෙන යාම සදහා එම සුනඛයන්ගේ පුහුණු කරුවන් වෙත භාර දීමට පියවර ගෙන ඇති අතර මාස 03 ක කාලයක් නිරෝධායනය කිරීමෙන් අනතුරුව මෙම සුනඛයින් මත්ද්‍රව්‍ය වැටලීම් හා අපරාධ මර්ධන රාජකාරී සඳහා යෙදවීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT