Local

මැතිවරණ දිනයේ මේවා කරන්න ගියොත් අත්අඩංගුවට පත්වෙන්න පුළුවන්

Friday, 20 September 2024 - 9:36 am

ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටෙලිවිෂන් හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසල එක්රැස් වී වැඩසටහන් නැරඹීම යනාදී කටයුතුවල නිරත වීම අයුතු ජනරාශිය යටතට ගැනෙන වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

එවැනි රැස්වීම් ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබෙන බවද හෙතෙම පැවසීය.

ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (19) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා,

'ඡන්ද විමසීම් දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව හා ඡන්දය ගණනයකිරීම් සිදුවන අවස්ථාවේ කිසිම හේතුවක් නිසා නිවෙස්වලින් බැහැරව ඡන්ද මධ්‍යස්ථාන අසල හෝ මහාමාර්ගයේ රැඳී නොසිටින ලෙස ඉල්ලා සිටිනවා. ඡන්දය ගණන්කිරීම සිදුවන අවස්ථාවේදී ටීවී හෝ විශාල තිර යොදාගෙන පාරවල් අසලට මහජනතාව එක්රැස්වෙලා රූපවාහිනී වැඩසටහන් නැරඹීම, ප්‍රතිඵල විකාශනය වන අවස්ථාවේදී කණ්ඩායම් වශයෙන් එක්රැස්වෙලා රතිඤ්ඤා පත්තුකරලා, පාරවල්වල විනෝදවීම, ආලෝකය සහිත බැලූන් ගුවනේ පාකරහැරීම, ඒවා සියල්ල නීතියෙන් තහනම්. එවැනි එක්රැස්වීම් සියල්ල අයුතු ජනරාශිය වරදට ගැනෙනවා. ඒවා ආරක්ෂක අංශ විසින් විසුරුවා හැරීමට හෝ ඒවාට සම්බන්ධවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා'.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT