Local

දිවංගත ගාමිණී දිසානායකගේ 82 වන ජන්ම දින ගුණ සමරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්

Tuesday, 19 March 2024 - 11:44 pm

කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී හෙට සවස 3.30 ට සිදුකරන ඒම ගුණසමරුව ගාමිණී දිසානායකගේ වැඩිමහල් පුත් වත්මන් සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ බාල පුතුවන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායකගේ උපදෙස් මත 'ගාමිණී දිසානායක පදනම' විසින් සංවිධානය කරනු ලබයි…

හිටපු කතානායක කරූ ජයසූරිය ඇතුළු සම්භාවණිය පිරිසකගේ හා එතුමන්ගේ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයෙන් මෙම ගුණ සමරුව පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ඇත.

1942 මාර්තු 20 වන දින මහනුවරදි උපත ලැබු ලයනල් ගාමිණී දිසානායක මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේන් දිප්තිමත ආදි ශිෂ්‍යයෙකු ලෙසත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේත් නිති විද්‍යාලයේන් ක්‍රේම්බිජ් විශ්වවිද්‍යාලයේත් අධ්‍යාපනයත් ලබා ඇත.

1970 නුවරඑළිය ආසනය ජයග්‍රහණය කරමින් ඒක්සත් ජාතික පක්ෂයේන් පාර්ලිමේන්තුවට පැමිණ අධිනීතිඥ ගාමිණී දිසානායක 1777 ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ වාරිමාර්ග ,විදුලිබල හා මහාමාර්ග අමාත්‍යවරයා විය.

ගාමිණී දිසානායකයන්ගේ නාමය ලක් ඉතිහාසයේ කිසිදු අයුරකින් ජන හදවත් තුලින් නොමැකෙන මතකයක් සනිටුහන් වුයේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය හා ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගැනිමයි.

කැබිනට් අමාත්‍යවරයෙක් , විපක්ෂ නායකයවරයෙක් හා ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස තම දේශපාලන ගමනේ හිනි පෙත්තටම ආ ගාමිණී දිසානායකයන් එදා 1994 ඔක්තෝම්බර් 23 වනදා ජනාධිපති මැතිවරණ වේදිකාවේදී කුරිරු දේශපාලනයේ ගොදුරක් වෙමින් මරාගන මැරෙන බෝම්බ කාරියක් විසින් ඝාතනය කරන ලදී…


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT