Local

ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට මුළු පාර්ලිමේන්තුවම එක් විය යුතුයි - බලශක්ති අමාත්‍ය

Friday, 17 November 2023 - 5:34 pm

ක්‍රිකට් තහනම ඉවත් කරගැනීමට මුළු පාර්ලිමේන්තුවම එක් විය යුතු බව බලශක්ති අමාත්‍ය කංචන ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (17) ප්‍රකාශ කළේය.
ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලන වශයෙන් භාවිතා නොකරන්නැයි තමා ඉල්ලා සිටින බවද හෙතෙම පැවසීය.
 
රටට ජාත්‍යන්තර ප්‍රශ්න ඇති කිරීමට මෙම පාර්ලිමේන්තුව භාවිතා නොකළ යුතු යැයිද හෙතෙම කීය අද පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව පැවසීය
වැඩිදුරටත් අදහස් දැක් වූ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ,ක්‍රිකට් තහනම ඉවත් කර නොගතහොත් එළඹෙන ජනවාරි මාසයේ පැවැත්වෙන ඩිවිෂන් 1 තරගාවලියට සහභාගී වීමට ඉඩ නොැලැබෙන බවයි.
 
හුග දෙනෙක් හිතනවා තහනම් කරල හරි  මෙම පරිපාලන ගැටලුව විසඳගන්න පුළුවන් වෙයි කියලා.නමුත්  එවිට අපේ ක්‍රිඩකයන්ට එම අත්දැකීම හම්බවෙන් නැහැ. ඉදිරියට යන්න බැහැ.ජනාධිපතිවරයා කැබිනට්  අනුකමිටුව පත් කරලා අපට වගකීමක් ලබා දුන්නා. මෙම කමිටුවේ වගකීම තමයි, ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් වර්තමානයේ ඇති වී තිබෙන ගැටලුවත් ඉදිරියේදී ඇති විය යුතු ව්‍යුහාත්මක වෙනස්කම් සම්බන්ධයෙන් නිර්දේශ සහ යෝජනා ලබා  දීම. මෙම  ප්‍රශ්නය දේශපාලනයට ඈඳා නොගන්නැයි තමා ඉල්ලා සිටින බවද කීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT