Local

ශ්‍රී ලාංකික නළු නිළියන් රඟපෑ අමෙරිකානු චිත්‍රපටයක තොප්පියට ඩොලර් හයලක්ෂ තිස්දහසක්

Monday, 19 August 2024 - 10:45 am

ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ දෙවන කොටසේ රඟපෑ හැරිසන් ෆෝඩ් විසින් පැළඳ සිටි දුඹුරු පැහැති තොප්පිය වෙන්දේසියකදී ඩොලර් හයලක්ෂ තිස්දහසකට අලෙවි වී තිබෙනවා. ලන්ඩනයේ හර්බට් ජොන්සන් සමාගම විසින් නිර්මාණය කරන ලද මෙම තොප්පිය හාවන්ගේ සිනිඳු ලෝම යොදාගෙන නිපදවූවක් බව සඳහන්. ඇමරිකානු ක්‍රියාදාම - ත්‍රාසජනක චිත්‍රපටයක් වන ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් චිත්‍රපටයේ විශේෂත්වය වන්නේ මෙහි දර්ශන කිහිපයක් ශ්‍රී ලංකාව තුළ රූගත කර තිබීම සහ මෙරට නළු නිළියන් පිරිසක් එහි රඟපෑමට එක්ව තිබීමයි. ඩී. ආර්. නානායක්කාර, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, අයිරාංගනී සේරසිංහ, දර්ශන පනන්ගල ඇතුලු පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබාදී තිබුණා. ඉන්ඩියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ඩූම් ලොව පුරා ඩොලර් මිලියන 333.1ක් උපයා තිබූ අතර, එය 1984 වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත් වුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT