Local

නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහි පෙත්සම් සලකා බැලීමට දින නියම කෙරේ

Friday, 28 March 2025 - 10:06 pm

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කෙරුණු පෙත්සම් 16ක් සලකා බැලීමට දින නියම කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මස 01 වැනිදා එම පෙත්සම් කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම පෙත්සම් අද (28) එස්. තුරෙයිරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ දැනුම් දී ඇත්තේ, මෙම ප්‍රතික්ෂේප කෙරුණු නාමයෝජනා පිළිබඳව මැතිවරණ කොමිසම කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත්, එහි තීරණය දැනුම්දීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.

පෙත්සම ලබන 01 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරු මඬුල්ල, එදින මෙම ඉල්ලීම පිළිබඳ කරුණු සලකා බලන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT