Local

සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුවක්

Monday, 02 June 2025 - 9:27 am

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්ති, උපායමාර්ග සංවර්ධනය සහ මඟ පෙන්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ගැනීමට පවත්වන ‘ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටුව’ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පසුගියදා (30) රැස්විය.

මේ විද්වත් කතිකාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ අනෙකුත් අමාත්‍යාංශ, ලෝක සෞඛ්‍ය සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, මෙරට විශ්වවිද්‍යාල, විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන සහ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ සහ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත්හු එක් වූහ.

මෙරට ජනතාවට ගුණාත්මක, ඵලදායි සහ කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් දීම මෙන්ම ඉදිරි කාලයේ සෞඛ්‍ය ප්‍රතිපත්ති හා උපාය මාර්ගික සැලසුම් සකස් විය යුතු ආකාරය පිළිබඳව ද මේ විද්වත් කතිකාවේදී ඉතා පුළුල්ව සලකා බලනු ලැබීය.

මෙවර අය-වැයෙන් සෞඛ්‍ය අංශයේ ඉදිරි ප්‍රගමනයට වෙන් කළ මුදල් නියමිත ආකාරයෙන් එම අංශ සහ ක්ෂේත්‍ර සඳහා යොදවමින් විධිමත් සෞඛ්‍ය සේවාවක් මෙරට ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් මේ විද්වත් කතිකාව පැවැත්වීම විශේෂත්වයකි.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය කර මෙරට ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමට තම ප්‍රදේශයේම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක ස්ථාපිත කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණක් වන අතර, එම ව්‍යාපෘතිය සක්‍රියව කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු විය.

මේ අවස්ථාවට එක් වෙමින් විශේෂ අදහස් දැක්වීමක් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙලෙස පැවැසීය.

“මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව තිබෙනවා. සෞඛ්‍ය දර්ශක අතින් කලාපයේ අපේ රට ඉදිරියෙන්ම සිටිනවා. මෙරට ආයු අපේක්ෂාව, අවම මාතෘ හා ළදරු මරණ අනුපාතයක් පවත්වාගෙන යෑම ඊට හොඳම උදාහරණ.”

මේ ජාතික සෞඛ්‍ය සංවර්ධන කමිටු රැස්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසුම් අංශයෙන් සංවිධාන කළ අතර, මේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහත්වරුන් ද, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ රෝහල් අධ්‍යක්ෂවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විද්වත්හු එක්ව සිටියහ.

සන්ධ්‍යා කරුණාරත්න


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT