Local

නිල්වලා ගංගා ද්‍රෝණියේ කිරමාර උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට ඉහළ වර්ෂාපතනයක්

Thursday, 23 November 2023 - 2:26 pm

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ සන්ධ්‍යා කාලයේ සහ රාත්‍රී කාලයේ සැළකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ඇති වූ අතර ඒ හේතුවෙන් ගංගා කිහිපයකට සහ ජලාශ කිහිපයකට ‍සැළකිය යුතු මට්ටමේ බලපෑම් සිදුවු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා පවසයි.

ඒ අනුව වි‍ශේෂයෙන්ම නිල්වලා ගංගා ද්‍රෝණියේ කිරමාර උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති අතර කිරමාර ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත් මුලටියන සහ කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කිරමාර අවට පහත් බිම්වල ජනතාව සහ එම බිම් හරහා වැටී ඇති මාර්ගවල ගමන් ගන්නා පුද්ගලයින් සහ රථවාහන රියදුරන් සඳහා අනතුරු ඇඟවිම් නිකුත් කර ඇති බවත් ඒ මහතා පැවසීය.එම අනතුරු ඇඟවීම අද දිනය පුරා බලපැවැත්වෙන බවත් හෙතෙම කියා සිටී.

නිල්වලා ගංඟා ද්‍රෝණියේ ප්‍රධාන නිල්වලා ගංගාවේ ජල මට්ටම අකුරැස්ස ප්‍රදේශය සහ ඉන් පහළ ප්‍රදේශවල ඉහළ ගොස් ඇතත් සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති නොවන බව ඒ මහතා පවසයි.නමුත් ගංගාවේ ජල මට්ටම ඉහළ බැවින් ඇතැම් ප්‍රදේශවලට යම් බලපෑම් ඇතිවිය හැකි බවත් හෙතෙම කියා සිටී.


ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔයේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍ර දේශවලට ලැබූ වර්ෂාපතන තත්වය හේතුවෙන් ජල මට්ටම ඉහළ ගොස් ඇති අතර ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බවද එම නිවේදනය අද දවස පුරා බලපැවැත්වෙන බවද සුගීෂ්වර මහතා පෙන්වා දේ.අත්තනගල්ල , ගම්පහ , ජාඇල , කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අත්තනගලු ඔය සහ උරුවල්ඔය දෙපස පහත්බිම්වල පදිංචි මහජනතාව ගංවතුර තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් දැඩි සැළකිල්ලෙන් කටයුතු කළ යුතු බව හෙතෙම පවසයි.


දිවයිනේ ප්‍රධාන ජලාශවල ජලමට්ටම සැළකියයුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බවත් තවදුරටත් ජලාශවලට වර්ෂාපතනය ලැ‍බෙමින් පවතින අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව නඩත්තු කරනු ලබන ජලාශවල ජලමට්ටම් දළ වශයෙන් සියයට හැත්තෑවක් ඉක්මවා ඇති බවත් ඒ මහතා සඳහන් කරයි.එසේම මහවැලි අධිකාරිය නඩත්තු කරන ජලාශවල ජලමට්ටම් දළ වශයෙන් සියයට අසුවක් ඉක්වමා ඇති බවත් සුගීෂ්වර මහතා පෙන්වා දේ.මේ හේතුවෙන් ජලාශ ගණනාවක් වාන් දැමීමේ තත්වයට පත්වී ඇති බවත් උඩවලව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ ශීඝ්‍රතාව වැඩි කිරිමට සිදු වූ බවද ඒ මහතා පවසයි.ඒ අනුව උඩවලව ජලාශයෙන් තත්පරයකට ඝණ අඩි 18000ක ධාරිතාවයකින් ජලය පහළට මුදා හරින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT