Local

මෙතෙක් දිනපු අය පොතේ විදියට වැඩේ කළා ද? - දිලිත් අසයි

Friday, 06 September 2024 - 7:28 pm

ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හෝ ප්‍රකාශ කළ හැකි නම් ඒ සර්වජන බලයට පමණක් බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (06) බලංගොඩ කිරිඳිගල පැවැති ජන හමුවක දීය.

'හැම ජනාධිපතිවරණයකදීම පොත් බෙදුවා. ඔබ ඒවා දැක්කා. සමහරු දිනුවා... සමහරු පැරදුණා. දිනපු අය ඔය පොත්වල තියෙන දේවල් කිසිදෙයක් කළෙත් නැහැ. ඇත්තම කිව්වොත් ඔය පොත්වල මුකුත් ඇත්තෙත් නැහැ.' 

'අපිට පොඩි කාලේ ඉගැන්නුවා... මේ රට දියුණු වෙමින් පවතිනවා කියලා... මට කනගාටුයි... තව තවත් ආගාධයට යනවා මේ රට... පළවෙනි ලෝකයට යන බවක් පෙන්නේ නැහැ. ඒ ඇයි.. ඒ මේ තුන්වෙනි ලෝකයේ දේශපාලනය නිසා.'

'මේ ප්‍රතිපත්ති ප්‍රකාශ ටික අරගෙන වෙලාවක් තියෙනවා නම් පොඩ්ඩක් කියවන්න. එතකොට ඔබට තේරෙයි... ඇයි ඔබ තාමත් තුන්වෙනි ලෝකයේ පුරවැසියෙක් වෙලා තියෙන්නේ කියලා.'

'අනුර කුමාරගේ පොතේ තියෙනවා සෞඛ්‍ය ප්‍රතිපත්තිය. පටන් ගන්නේ සියලුම රෝගීන්ට ඇඳක් ලබාදෙනු ලැබේ කියලා. දෙයියනේ මේ ජනාධිපතිවරණයක ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන තියෙන්නේ... ඔබ සියලු දෙනාටම ඇඳක් කියලා. මම උදාහරණයක් ගත්තේ.'

'ප්‍රතිපත්ති ප්‍රකාශයක දර්ශනයක් අඩංගු විය යුතුයි. එහි තිබිය යුතුයි එකින් එක බද්ධ වුණු ප්‍රවේශයක්. තාර්කික විය යුතුයි. ඔබේ ජීවිතය ඊළඟ අවුරුදු 5 තුළ වෙනස් වෙන විදිය. එහෙම නැත්නම් අපි හැමදාම තුන්වෙනි ලෝකයේ.'

'ජනතාවගේ ජීවිතය ඉඳුරාම වෙනස් වෙන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී කාට හරි කියන්න පුළුවන් නම් ඒ සර්වජන බලයට පමණයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT