ජාත්‍යන්තර මුල්ලේ අරමුදල ජාතික ජන බලවේග ආණ්ඩුවේ අලුත් යෝජනා භාරගන්න එකඟ වී ඇති බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
අලුතින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල භාර ගැනීමට හා ක්‍රමවේදය ගැන ඔවුනට ගැටලුවක් නැති බවද හෙතෙම පෙන්වා දෙයි.
‘අයි එඑෆ් එක සූදානම් අපේ අලුත් යෝජනා භාර ගන්න. ඔවුන් එකඟ වෙලා තියෙනවා. අලුතින් අපි ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ භාර ගැනීම සහ අපේ ක්‍රමවේදය ගැන ඒ අයට ගැටලුවක් නැහැ.
ඒ අයත් කල්පනා කරන මූල්‍ය ස්ථාවරය හදාගන්න අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙළ තුළ යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අනුව ඒ අයට අපිට විරුද්ධ වෙන්න කිසිදු ගැටලුවක් නැහැ.
රනිල් වික්‍රමසිංහ ඩොලර් සියයක් හොයන ක්‍රමවේදයයි අපි ඩොලර් සියයක් හොයන ක්‍රම වේද යයි දෙකක්. අයිඑඑෆ් එකට ගැටලුවක් නැහැ: ඒ ඩොලර් 100 උපයන ක්‍රමය පේනවා නම්. අපි උපයන ක්‍රමය විනිවිදයි’