Local

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Tuesday, 14 May 2024 - 8:19 am

පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති විදුලිබල පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත කඩිනමින් දන්වා යවන බව (13) නිවේදනය කළේය.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් විභාගය දින තුනක් පුරා පැවැත්වීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කරන ලදි.

විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර , සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් කැඳවන ලදි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විවේකා සිරිවර්ධන මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණු සහ එමගින් අපේක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළාය.

එහිදී ඇය සඳහන් කළේ විදුලිබල උත්පාදනය සහ සම්ප්‍රේෂණය සම්බන්ධයෙන් තරගකාරී තත්ත්වයක් ඇති කිරීම පනත් මෙම කෙටුම්පත මඟින් අපේක්ෂා කරන බවය.

විදුලිබල නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය කාර්යක්ෂම කොට පාරිභෝගිකයින්ට සහනදායී සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව ඇය සඳහන් කළාය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී නීතිඥවරු සඳහන් කර සිටියේ විදුලිබල පනත් කෙටුම්පත ඉකුත් අප්‍රේල් මස මස 25 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවය.

විදුලිබල විෂයය පළාත් සභාවට අයත් වන විෂයයක් වන අතර අදාළ පනත සකස් කිරීමේදී පළාත් සභාවේ අනුමැතිය ලබාගත යුතු නමුත් එය සිදුකර නැති බවට එහිදී කරුණු ඉදිරිපත් කරන ලදි. එසේම මෙම පනත් කෙටුම්පත මඟින් විෂය භාර ඇමැතිවරයාට අසීමිත බලයක් ලබා දී ඇති බවට ද කරුණු ඉදිරිපත් කරන ලදි.

එසේම අදාළ පනත් කෙටුම්පත අනුව විදුලිබල මණ්ඩල සේවකයන් සමාගම් කිහිපයක සේවයට යෙදවීමට යෝජනා කර ඇති අතර, එමගින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව ගැටලු ඇතිවන බවට ද කරුණු ඉදිරිපත් කෙරිණි.

අදාළ පනත් කෙටුම්පත නීතියක් බවට පත්වීමට නම් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකදී ජනතාව විසින් සම්මත කළ යුතු බවට තීන්දු කරන ලෙස ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල්, ජාතික ජන බලවේගයේ බලශක්ති කමිටු සාමාජිකයන් සහ වෘත්තිය ඉංජිනේරුවන් දෙදෙනකු වන පී.එස්. කේ. ජයකොඩි සහ එන්.කේ.එම්.සී. නෙත්තිකුමාර ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කෙරිණ.

එහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කර සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT