Local

පොලිසිය සහ සරසවි සිසුන් අතර උණුසුම් තත්ත්වයක්…

Friday, 02 August 2024 - 1:42 pm

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් පිරිසක් නාවලපිටිය නගර මධ්‍යයේ සිදු කල උද්ඝෝෂණයක් හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනය ඇණ හිටිම නිසා ශිෂ්‍ය ක්‍රියාකාරින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති විය.
නාවලපිටිය, නුවරඑලිය, හලාවත යන දිස්ත්‍රික් මහ රෝහල් වල පෞද්ගලික විශ්ව විද්‍යාලවල වෛද්‍ය පිඨවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ප්‍රායෝගික පුහුණු ලබාදිමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අනුමැතිය ලබාදිමට පියවර ගැනිමට විරෝධය පාමින් මෙම ශිෂ්‍ය ක්‍රියාකාරින් උද්ඝෝෂණයේ නිරත විය.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටට පැමිණි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින් නාවලපිටිය නගර මධ්‍යය දක්වා පාගමනින් ගොස් නගර මධ්‍යයේ උද්ඝෝෂණයේ නිරත විම නිසා හැටන් මහනුවර ප්‍රධාන මාර්ගය සහ නාවලපිටිය නගරයට පිවිසෙන වාහන වලට බාධා ඇතිවිම නිසා නාවලපිටිය පොලිසියේ නිලධාරින් රථ වාහන ධාවනයට මාර්ගය විවෘත කිරිමට යාමේදි පොලිසිය සහ ශිෂ්‍ය ක්‍රියාකාරින් අතර අවස්තා කිහිපයකදි දැඩි නොසන්සුන්කාරි තත්ත්වයක් ඇති විය.
මෙම උද්ඝෝෂණයේදි මාධ්‍යට අදහස් දැක් වු සමස්ත ලංකා වෛද්‍ය පිඨ ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු රශ්මික චමෝද් කියා සිටියේ රජය විසින් අත්තනෝමතික ලෙස ගෙන යන වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලිකරණයට තමන් ඇතුළු වෛද්‍ය සිසුන් සිය විරෝධය පල කරන බවත්, රටේ රෝගි ජනතාව පෞද්ගලික ආයතන වලට විකිණිමට රජය කටයුතු කරමින් සිටින බවයි.
රජයේ රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් පෞද්ගලික විශ්ව විද්‍යාල වල වෛද්‍ය පිඨවල ප්‍රායෝගික පරික්ෂණ සදහා විකිණිම රජය විසින් සිදු කරන බවත්, එම නිසා රජයේ වෛද්‍ය පිඨවල සිසු සිසුවියන් දැඩි පිඩාවට පත් වි ඇති බවයි සමස්ත ලංකා වෛද්‍ය පිඨ ක්‍රියාකාරි කමිටුවේ කැදවුම්කරු වැඩිදුරටත් කියා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT