Local

Clean Sri Lanka වැඩසටහන සමස්ත ශ්‍රී ලාංකීය සමාජයම ඉහළට ඔසවා තබන වැඩසටහනක් - ජනපති

Monday, 17 February 2025 - 5:07 pm

Clean Sri Lanka වැඩසටහන ශ්‍රී ලංකා‍ව සහ සමස්​ත ශ්‍රී ලාංකීය සමාජය ඉහළ මට්ටමකට තිරසාරව ඔසවා තැබීම සඳහා සාමාජීය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය සහ ආචාර ධර්ම සංවර්ධනය යන ප්‍රධාන කුළුණු තුන ඔස්සේ ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩසටහනක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මේ සඳහා සමස්ත මහජනතාව, රාජ්‍ය යාන්ත්‍රණය, ව්‍යවසායකයින්, ව්‍යාපාරිකයින් ඇතුළු පෞද්ගලික අංශය, ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන, විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාව, ජාත්‍යන්තර ආධාර දෙන ආයතන, විවිධ වෘත්තිකයින්, විශේෂඥයන් ඇතුළු සියළු දෙනාගේ සහයෝගය ලබා ගැනීමට සැලසුම් කර ක්‍රියාත්මක කරමින් පවතින බවයි අද (17) අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ යටතේ ශ්‍රී ලාංකික සමාජයේ විවිධ ජාතීන්, විවිධ ආගම් ස​හ විවිධ වූ ජන කොටස් අතර සබැඳියාව, අවබෝධය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කරමින්, සියළු ජන කොටස්වලට එක්ව සතුටු විය හැකි සංස්කෘතික උළෙලක්​ද පැවැත්වීම​ට අදහස් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
සංචාරක ව්‍යාපාරය සඳහා ත්‍රීවීල්, ටැක්සි රියදුරන් සහ සංචාරක මග පෙන්වන්නන් වැනි පහසුකම් සපයන්නන්ගේ ආචාරධර්ම ප්‍රවර්ධනය සහ ධාරිතා වර්ධනය, පෞරාණික උරුමයන් සහිත තෝරාගත් නගර කිහිපයක් පෞරාණික අනන්‍යතාවය සහිතව ප්‍රතිනිර්මාණය කිරීම, අඩු පහසුකම් සහිත තෝරාගත් පළාත් පාසල් සඳහා ගොඩනැගිලි අළුත්වැඩියාව, පාසල් උපකරණ අළුත්වැඩියාව සහ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීම, පූර්ව ළමාවිය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේද දායකත්වයෙන් ඉහළ ප්‍රමිතියෙන් යුතු අධ්‍යයන පරිසරයක් ගොඩනැගීම, නාගරික ප්‍රදේශවල සනීපාරක්ෂක පහසුකම් ප්‍රවර්ධනය, ආහාරපානවල පිරිසිදුභාවය තහවුරු කිරීම, මාර්ග ආරක්ෂාව ප්‍රවර්ධනය, මත්ද්‍රව්‍ය නිවාරණය, අයාලේ යන වීදි සතුන් කළමනාකරණය, ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, වෙරළ තීරය ආකර්ෂණීය සහ පාරිසරිකව තිරසාර ලෙස නිර්මාණය කිරීම, ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සහ ගංගාවල ජලයේ ගුණාත්මකභාවය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම, ඉහළ සම්පත් උපයෝගීතාවයක් ඇති කිරීම සහ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීම, සහ Clean Sri Lanka සංකල්පය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය සිදු කිරීමට අපේක්ෂිත බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT