Local

මැතිවරණ නිලධාරීන් තෙල් සංස්ථාවට පනී

Thursday, 08 August 2024 - 9:42 pm

මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් අද (08) පෙරවරුවේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වෙත පැමිණ තිබුණි.

ඒ, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබියදී නව ඉන්ධනහල් බලපත්‍ර ලබාදීම, ගබඩා පර්යන්ත සමාගමට නව පිරිස් බල සැකැස්මක් හඳුන්වාදීම, ඇතුළු කරුණු කිහිපයකට අදාළව මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහාය.

මේ අතර ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම සම්බන්ධයෙන් අද දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහනේදී අවධානය යොමු කෙරුණි.

එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ,

'ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන යන්ත්‍රවලත් සීමාවක් තිබෙනවා... දිග ප්‍රමාණය. මේක ප්‍රමාණය ඉක්මවා ගියොත් ඡන්ද පත්‍රිකාවේ හැඩය වෙනස් කරන්න වෙයි. ඡන්ද පත්‍රිකාව දිගු වුණොත් ප්‍රායෝගික ගැටලු රැසක් ඇති වෙනවා. ඡන්දය දෙන කුටිය තුළ වැඩි වෙලාවක් එක ඡන්ද දායකයෙකුට ගත කිරීමටත් සිදුවෙයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT