Local

ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙසක්

Friday, 09 August 2024 - 9:29 am

‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික සඳුන් උයනේ දී විවෘත කෙරේ.

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ සහයෝගයෙන් ඊයේ(08) මෙය විවෘත කෙරුණි.

මෙම විවෘත කිරීමේ උත්සවය ‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ ශෛලමය ඵලකය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් නිරාවරණය කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණගුංග මහතා, ශ්‍රී ලංකා – ඉන්දියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරීන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ආචාර්ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා, ජගත් කුමාර සුමිත්‍රාරච්චි මහතා සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද ජාතික සඳුන් උයනේ ආරුක්කුවක හැඩයකට මුරුත පැළ සිටුවමින් මේ සඳහා සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් 2024 ලෝක පරිසර දිනයේදී දියත් කරන ලද #Plant4Mother ව්‍යාපෘතියේ අංගයක් ලෙස පරිසරය සඳහා අචල කැපවීම අවධාරණය කරමින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. අග්‍රාමාත්‍ය මෝදි මහතා 2024 ජූනි 5 වන දින නව දිල්ලියේ බුද්ධ ජයන්ති උද්‍යානයේ බෝ පැළයක් සිටුවමින් මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී. ඉන්දියාව තුළ මෙම ව්‍යාපෘතිය යටතේ 2024 සැප්තැම්බර් වන විට පැළ මිලියන 800ක් ද 2025 මාර්තු වන විට පැළ බිලියන 1.4ක් ද ‘සමස්ත රජය’ සහ ‘සමස්ත සමාජය’ යන ප්‍රවේශය අනුගමනය කරමින් සිටුවීමට අපේක්ෂා කෙරේ.

‘ශ්‍රී ලංකා – ඉන්දියා මිත්‍රත්ව පෙදෙස’ විවෘත කිරීම දෙරට අතර පවතින දිගු කාලීන මිත්‍රත්වයට සාක්ෂ්‍යයක් වේ. අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායි සහ තිරසාර ආර්ථික වර්ධනයක් සදහා ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය වඩා ඉහළ නැංවීමට සහ සවිමත් කිරීමට දෙරටෙහි දැක්ම ද මෙමගින් පිළිඹිබු වේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT