Local

බදු නොගෙවා කට්ටි පනින මත්පැන් සමාගම්වල බලපත් අත්හිටුවන්න -ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Saturday, 27 January 2024 - 2:32 pm

බදු ගෙවීම් පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් දහයක බලපත්‍ර වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (26) ගොනු කරන ලදි.

එම සුරා බදු ගෙවීම් පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා දී ඇති බලපත්‍ර වාර්ෂික බලපත්‍ර අලුත් කිරීම හෝ නව බලපත්‍ර දීමෙන් සුරාබදු කොමසාරිස්රාල්වරයා වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද මෙම පෙත්සම මඟින් ඉල්ලා ඇත. එම්.එම්. සංජය මහවත්ත, සුසන්ද රංජිත් ලියනාරච්චි ඇතුළු 17 දෙනකු විසින් නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මේ පෙත්සම ගොනු කරන ලදි.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, රජයේ විගණකාධිපතිවරයා, ඩබ්.එම්. මෙන්ඩිස් සහ සමාගම, වයඹ ඩිස්ටලරිස් පෞද්ගලික සමාගම ඇතුළු මත්පැන් නිෂ්පාදන සමාගම් 10ක් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.

රජයේ ආදායමෙන් වැඩි කොටසක් බදුවලින් අය කරගැනීමට රජය සෑම විටම අපේක්ෂා කරන බව පවසන පෙත්සම්කරුවන් මත්පැන් නිෂ්පාදන සමාගම් සඳහා වාර්ෂික බලපත් දෙන අතර, ඔවුන් සුරා බදු ගෙවීමට බැඳී සිටින බවද එමඟින් පෙන්වා දී තිබේ.

වගඋත්තරකාර මත්පැන් නිෂ්පාදන සමාගම් වාර්ෂික බදු ගෙවීම වසර කිහිපයක සිට පැහැරහැර ඇති අතර, ඒ බව දැන දැනම ඔවුන්ට නව බලපත් දීමට සහ දී ඇති බලපත් අලුත් කිරීමට සුරාබදු කොමසාරිස්වරයා ඇතුළු ඔහුගේ නිලධාරීන් කටයුතු කර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති.

2022 වසරේ රජය බදු අය කිරීමෙන් උපයා ගැනීමට අපේක්ෂා කළ ආදායමෙයෙන් රු. බිලියන 101ක් අහිමි වී ඇති අතර, ඉන් රු. බිලියන 26ක් සුරා බදු අය කරගැනීම පැහැරහැරීම නිසා අහිමි වී ඇති බව පෙත්සම් මඟින් පෙන්වා දී තිබේ. බදු නොගෙවා ඇති බව දැන දැනම මේ සමාගම්වලට බලපත් දීමට වග උත්තරකාර සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිස යම් යටි අරමුණු සහිතව කටයුතු කර ඇති බවට පෙත්සම්කරුවෝ චෝදනා කර සිටිති.

ඔවුන්ගෙන් අය විය යුතු බදු මුදල් වහා අය කරගන්නා ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු ඔහුගේ නිලධාරීන්ට නියෝග කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා ඇත. එසේම මෙතෙක් බදු ගෙවීම පැහැරහැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් සහ එම සමාගම් විසින් ගෙවිය යුතු සම්පූර්ණ බදු මුදල පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරන ලෙසද මේ පෙත්සම මඟින් ඉල්ලා ඇත.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT