Local

විදුලිබල සේවාවලට බාධා කරන සේවක පිරිස්වල සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්න - කංචන

Sunday, 07 January 2024 - 10:08 am

සැලසුම් සහගතව සහ නීතිවිරෝධි අයුරින් උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ සේවකයින්ට පවතින නෛතික ප්‍රතිපාදන යට​තේ සේවය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ අනුව 2024 ජනවාරි මස 03, 04, 05 යන දිනවල ඇතැම් සේවක පිරිස් ගෙන යන වැඩවර්ජන හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ  මහජන සේවාවන් පවත්වාගෙන යාමට බාධා වන අයුරින් කවුළු වසා, මහජන සේවා සපයන කාර්යාල කටයුතු අඩපණ කරමින් කටයුතු කිරීම පිළිබඳ අමාත්‍යාංශ​ය වෙත මහජන පැමිණිලි ලැබී ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර තිබූ බවත් විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය විසින් 02 වනදා සිට සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් එම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ලිඛිත ව ඔවුන්ව දැනුවත් කර තිබු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ ලිපිය පහතින්.

 

news images


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT