Local

ජාතික විජයග්‍රාහී සැමරුමට යාමට ජනපති මුල සිටම තීරණය කර තිබුණා - විජිත හේරත්

Tuesday, 20 May 2025 - 12:46 pm

ජාතික විජයග්‍රාහී සැමරුම සඳහා සහභාගී වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මුල සිටම තීරණය කර තිබුණු බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාව පැවැත්වූ බවත්, සංවිධාන කටයුත්ත පමණක් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට එම සාකච්ඡාවේදී උපදෙස් ලබාදුන් බවයි ඊයේ (19) දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එහිදී රණවිරු සේවා අධිකාරියේ සභාපති, විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ලෙසට ප්‍රකාශ‍ කරන්නේ එය බවද, එහි සන්නිවේදනයේ ගැටලුවක් පැවති බවද අමාත්‍යවරයා ප්‍රකා‍ශ කළා.

ජනාධිපතිවරයා එම සැමරුම සඳහා සහභාගී වීමට මුල සිටම තීරණය කර තිබුණු බවත්, එය අලුතින්, හදිසියේ ගත් තීරණයක් ‍නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එයට සාක්ෂි අවශ්‍ය නම්, ජනාධිපතිවරයා සැමරුමට සම්බන්ධ වන ලෙස දන්වා, අදාළ ආරක්ෂක කටයුතු සඳහා පසුගිය 10 වැනිදා බුද්ධි අංශ නිලධාරීන්ට යවන ලද ලිපියක් ද මේ දිනවල සමාජ මාධ්‍යවල හුවමාරු වන බවයි අමාත්‍ය විජිත හේරත් වැඩිදුරටත් ප්‍රකාශ ක‍ර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT