Local

මෙරට පියයුරු පිළිකා මරණ ඉහළට

Thursday, 26 September 2024 - 9:40 am

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ, පියයුරු පිළිකා කල්තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවය. 

වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

'ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට සාපේක්ෂව, ලංකාවේ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් හඳුනාගැනීම වැදගත් කියන එකයි කියන්න ඕනේ වුණේ. ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500ක් පමණ හඳුනාගන්නවා. එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වෙනවා. කාන්තාවක් වීම කියන සාධකයම පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙන්න හේතුවක්.'

පියයුරු පිළිකා තත්ත්වයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වු වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය,

'පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්. වළ ගැසීමක්. එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක්. තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තියෙනවා. එකක් සුව නාරි සායනය, සුව දිවි සායන තියෙනවා රෝහල්වල. ඊළඟට රෝහල්වල තියෙනවා පියයුරු සායන. මේ හැරුණු කොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව තියෙනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT