Local

තෛපොංගල් සුබ පැතුම්

Monday, 15 January 2024 - 10:28 am

ජයග්‍රාහී අවස්ථාවේ තෛපොංගල් සැමරීමට ලැබීම සතුටක්

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීර්ණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෛපොංගල් දින පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එහි මෙසේ ද සඳහන් වේ. සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි. එහි මෙසේ ද සඳහන් වේ. සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි.

මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මෙම උත්සවය ඇරඹුණු බව පැවසෙයි.

අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මෙම උත්සවයේ අරමුණයි. බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නඟාසිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැඟීමේ දී අප කෘෂි කර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු. කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂි කර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර, එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි. එහෙයින් හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් සියලුම ද්‍රවිඩ ජනතාවට

සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

සාමය එකමුතුකම දයාව මූර්තිමත් කරන ජාතික උත්සවයක් – අගමැති දිනේෂ් ගුණවර්ධන

හින්දු සංස්කෘතියේ විශිෂ්ටත්වය විදහා දක්වන ජාතික උත්සවයක් බවට ‘තෛයිපොංගල්’ දිනය පත්ව ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ඉන් කෘෂිකාර්මික අර්ථ රටාවකට උරුමකම් කියමින් සාමය, එකමුතුව, දයාව මූලික වූ සාරධර්මයන් මූර්තිමත් කරන බව තෛයිපොංගල් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා සඳහන් කරයි.

එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

ස්වභාවධර්මය සමඟ බැඳි සම්ප්‍රදායික ජීවන රටාව කෙරෙහි විශ්වාසයෙන් දමිළ ගොවි ජනතාව සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා සූර්යයාට කෘතඥතාව පුදන මෙම අස්වැන්නේ මංගල්‍යය දැයේ ජීවනාලියේ පිළිබිඹුවක් වනු ඇත.

එය වත්මන් තත්ත්වයන් හමුවේ ආහාර සුරක්ෂිතතාවය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා වන සක්‍රීය සංකල්පයට උත්තේජනයක් වනු ඇත. අපේක්ෂාවන් ඉටුවන ඵලබර නව වසරක උදාව සනිටුහන් කරමින් තෛපොංගල් උත්සවය සමරන ලොව පුරා වෙසෙන ජනතාවට සුබ පැතුම් එක් කරමි.

 

තෛපොංගල් දිනයේ රටේ නව වෙනසකට නව ගමනකට එක්වෙමු -විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමට කෘතගුණ සැලකීමේ මහඟු‍ අවස්ථාවක් ලෙස තෛපොංගල් උත්සවය හැඳින්විය හැකි බව සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ තෛපොංගල් දින පණිවිඩයේ මෙසේද සඳහන් වේ….

ශ්‍රී ලංකාවාසී සහ සකළ ලෝකවාසී හින්දු ජනතාව ස්වභාව ධර්මයට කෘතගුණ සලකණු වස් බැතියෙන් සහ ගෞරවයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවිඩයක් එක් කරනුයේ ඉමහත් සතුටිනි.

මානව පරිණාමයේ මුල් අවදියේ සිටම අප ස්වභාව ධර්මය හා බැඳුණු දිවි පෙවෙතකින් යුක්ත විය. එහි දී ලොවට ජීවය ලබා දෙන හිරු දෙවියන් වන්දනා කිරීම අතීතයේ සිට සිදු වූවකි. මෙකී හිරු දෙවියන් කෙරෙහි ඇති අපරිමිත විශ්වාසය සහ ගෞරවය උදෙසා පවත්වනු ලබන විශේෂ උත්සවයක් ලෙස තෛපොංගල් උත්සවය පෙන්වා දිය හැකිය.

මිනිසා හා ස්වභාව ධර්මය අතර ඇති අන්‍යෝන්‍ය බැඳීමට කෘතගුණ සැලකීමේ මහඟු‍ අවස්ථාවක් වන තෛපොංගල් උත්සවය හින්දු ජනතාවගේ ආධ්‍යාත්මික ජීවන රටාවට යහපත් සිතුවිලි එක් කරන උත්සවය ලෙස ද හැඳින්විය හැකිය.

අලුතින් නෙළා ගත් අස්වැන්න හිරු දෙවියන් වෙත පූජා කර එළැඹෙන වසරේ යහපත උදා කර දෙන මෙන් මෙහි දී ඉල්ලා සිටියි. අප රට තුළ නිර්මාණය වූ බංකොලොත්භාවයත් සමඟ ඇති වූ අභියෝගාත්මක වසරක් අවසානයේ තවත් අභියෝග රැසකින් යුත් වසරකට අප එළැඹ තිබේ. මෙකී අභියෝගයන්ට අප ජාති, ආගම්, කුල, ගෝත්‍ර භේදයකින් තොරව මුහුණ දිය යුතු වේ. ඒ සඳහා අවශ්‍ය වන ස්වාභාව ධර්මයේ ආශිර්වාදය මෙවර තෛපොංගල් දිනයේදී ලබා ගෙන ලෝකයේ අංක 1 රට බවට පත්වීමේ නව ගමනකට, නව වෙනසකට එක්වන ලෙස සකළ ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් මේ මොහොතේ ඉල්ලා සිටියි.

 
 
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT