Local

''පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගන්න. සිංහල භාෂාවේ ගෞරවය ආරක්ෂා කරන්න'' - අග්‍රාමාත්‍ය

Saturday, 18 November 2023 - 5:33 pm

හැමදේම විකෘතියට, විහිළුවට ලක් කිරීමට පාර්ලිමේන්තුව වේදිකාවක් කර නොගෙන, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කරගන්නා ලෙස, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කළේය.

සුවිශේෂී ඉතිහාසයක් ඇති, අන්තර්ජාතිකවද පර්යේෂණ කරන සිංහල භාෂාවේ ගෞරවයට හානි වන සේ වෙනත් අර්ථ නිරූපන දෙමින් විහිළුවට ලක්කරමින් පාර්ලිමේන්තුවේදී කටයුතු නොකරන්නැයි ද ඔහු ඉල්ලීය. කතානායකවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය රැකගැනීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීම බව, අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඔහු මේ බව සඳහන් කළේ, පාර්ලිමේන්තුවේදී (18 දින ) ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේදීය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

'ගරු කතානායකතුමනි, .... එකක් ....ගැන මම ඉතාම කණගාටු වෙනවා. සිංහල භාෂාව අපේ රටේ පමණක් නෙවේ ඉතිහාසයේ සුවිශේෂ වැදගත්කමකට අපේ රට පරිවර්තනය කරපු භාෂාවක්. ජාත්‍යන්තරවද ඒ සම්බන්ධ පර්යේෂණ කරනවා. ඒ නිසා භාෂාවට අපහාස කරන්න එපා. හරියට උච්චාරණය නොකිරීම නෙමෙයි ප්‍රශ්නය, ඒක වෙන වෙන විදියට අර්ථ නිරූපණය කරන්න විහිළු කරන්න යාම. මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ එවැනි දේ කරන්න එපැයි කියලා මම ඉතාම ඕනෑකමින් සියලු ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා. දැන් මොහොතකට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව පිළිබඳ විවාදයක් ඇතිවුණා. අපි ඇයි මෙතන මෙහෙම රැස්වෙන්නේ? සියළු දෙනා එකඟ වෙලා ස්ථාවර නියෝග අනුව කතනායකතුමාට බලය පවරලා තියෙනවා අය වැය ලේඛනය පිළිබඳ විවාද කරලා හමාර කරන්න.

දැන් අපේ කාලය සම්පූර්ණ වෙනත් දේවල්වලට යොමු වෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කරන්න. උත්තරීතර බව ඔබතුමාට තනියම ආරක්ෂා කරන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට අපි උත්තරීතර බව ආරක්ෂා කරන්න ඕනේ. ඒ නිසා හැමදේම අපි විහිළුවට බාර ගන්නවා නම් හැමදේම විකෘතියට පරිවර්තනය කරලා කතාබස් කරන්න ඉදිරිපත් වන වේදිකාවක් කරගන්නවා නම් ඉතාම කනගාටුදායක ලෙස තමයි ගමන් කරන්නේ කියන දේ මම ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා හැටියට ප්‍රකාශ කරන්න කැමතියි.....'


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT