විශාල ලෙස ඉහළ ගොස් ඇති පොල් මිල හේතුවෙන් ජනතාව මුහුණ දී තිබෙන දුෂ්කරතාවයන්ට විසඳුමක් ලෙස පොල් වගා කිරීමේ මණ්ඩලය ජංගම අලෙවි රථ මගින් සහන මිලකට පොල් අලෙවි කිරීමේ වැඩසටහනක් ආරම්භ කරයි.
ඒ අනුව අද දිනයේ සිට එම ජංගම රථ මගින් රුපියල් 100-120 අතර මුදලකට පොල් අලෙවි කිරීමට කටයුතු සූදානම් කර ඇත.
මෙහි පළමු අදියර ලෙස කොළඹ, කඩුවෙල, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා සීමාවන්හි ක‍්‍රියාත්මක කරයි.
අනතුරුව සියළු දිස්ත්‍රික්ක ආවරණය කරමින් වැඩසටහන ක්‍රියා කිරීමට නියමිතව තිබේ.