Local

රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි - දිලිත්

Wednesday, 04 September 2024 - 6:45 pm

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට ඇතැම් අපේක්ෂකයන් ලබාදී ඇති පොරොන්දු කිසිසේත් ඉටුකළ නොහැකි බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමා යෝජනා කරන්නේ රාජ්‍ය සේවකයාගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් බවය.

අද (04) පැවැති මාධ්‍ය හමුවකදී සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර මහතා මේ බව සඳහන් කළේය.

'ඉන්න ජනාධිපතිවරයාම මීට මාස 2කට කලින් කිව්වා පඩි ගෙවන්න විදියක් නැහැ කියලා. පඩි ගෙවන්නවත් විදියක් නෑ කියපු රජයම 25%කින් පඩි වැඩි කරලා තිබෙනවා. ඒකට රුපියල් බිලියන 2කට වැඩි මුදලක් අවශ්‍යයි. මේ පිළිබඳව අපි කොහොමද විශ්වාසයක් තියන්නේ. මේක දැනුමක් තිබෙන රාජ්‍ය සේවකයාට කළ අපහාසයක්. පඩි වැඩි කරන්න ඕනේ තාර්කිකව'

'අනුර කුමාර මහතා යෝජනා කරන්නේ මාස 6න් 6ට පඩි වැඩි කරන්න. කොහොමද ඒක කරන්නේ. කොහෙන්ද ඒ සල්ලි ලැබෙන්නේ.'

'අපි රාජ්‍ය සේවකයා සමග මීට වැඩිය විද්වත් සංවාදයකින් පස්සේ ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ දැමීම සඳහා අවශ්‍ය සහනාධාර, මුදල්, දිරි දීමනා ද... මේ ඔක්කොම ගැන සාකච්ඡා කළ යුතුයි.' 

'අපි යෝජනා කරලා තිබෙන්නේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා රජයේ සේවකයන්ට දිරි දීමනා ලබාදිය යුතුයි. හොඳට වැඩ කරන කෙනෙකුට තවත් දිරි දීමනාවක් ලැබිය යුතුයි.'

'මේ දෙන දේවල් සම්පූර්ණ පොරොන්දු විතරයි. ලංකාවේ ආර්ථිකය ගැන දළ හෝ අවබෝධයක් ඇති... උසස් පෙළට ආර්ථික විද්‍යාව හදාරන දරුවෙකුගෙන් ඇහුවොත් කියයි... මේක ඉටු කරන්න පුළුවන් පොරොන්දුවක් නෙමෙයි.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT