Local

අපි 13 දෙන්නේ නෑ: සජිත්-අනුර දෙනවා කියනවා

Wednesday, 28 August 2024 - 8:04 am

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කැප වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධාරණය කරයි.

13 නොදෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කළ ද සජිත් ප්‍රේමදාස මහතා සහ අනෙකුත් අපේක්ෂකයන් එය දෙන බව පවසන බව ද රටේ ජනතාව ඒ තුළින් නිවැරදි තීන්දුවක් ගත යුතු බව ද මන්ත්‍රී ගාමිණි ලොකුගේ පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා,

“අද ජනාධිපතිවරණයකට නම් කරලා සිටින ජනාධිපති අපේක්ෂකයෝ රටට පොරොන්දු දීගෙන යන අවස්ථාවක්. තරගෙට පොරොන්දු දෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අපේක්ෂකයා හැටියට රාජ්‍ය සේවකයන්ට පනස් පන්දාහක මූලික වැටුපකට ගෙනියනවා කියනවා.

පඩි වැඩි වීම් කරනවා කියනවා. සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා වැටුප පනස් හත්දාහකට ගෙනියනවා කියලා. ජනසවිලාභීන්ට විසිදාහ ගාණේ අවුරුදු 02ක් ගෙවන බව කියනවා. ජනතා විමුක්ති පෙරමුණත් කියනවා ඔවුනුත් පඩි වැඩි කරනවා කියලා. මේ දවස්වල මැතිවරණයක් තියාගෙන ඔවුන් බොරුමයි ප්‍රකාශ කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා කියනවා දුප්පත් පිරිසට විසිදාහක් දෙනවා කියලා. හැබැයි එතුමාට මතක් කරන්න කැමැතියි එතුමාගේ තාත්තා ජනසවියක් දුන්නා. මිනිස්සුන්ගේ මුදල් විසිපන්දාහක් මහා බැංකුවේ තැන්පත් කියලා තැන්පත් පත්‍රිකාවක් දුන්නා. ඒක ආපසු ගෙවනවාද කියලා අහන්න කැමැතියි. ආර්. ප්‍රේමදාස මහතා හොඳ වැඩක් ආරම්භ කළේ. නමුත් එතුමාගේ අභාවයෙන් පස්සේ හිටපු රජයන් කවුරුත් ගෙව්වේ නැහැ. දැන් එතුමාගේ පුතාගෙන් අහන්න කැමැතියි මුලින්ම ඒ විසි පන්දාහ ගෙවනවාද කියලා. ඒ වගේම එතුමාට ඒ විසිදාහ ගාණේ දෙන්න මුදල් කොහෙන්ද හොයාගන්නේ කියලා අහන්න කැමැතියි. මේ දවස්වල හැමකෙනෙක්ම පොරොන්දු දෙනවා. නමුත් ඒ හැම එකකටම කාලවකවානුවක් කියන්නේ නැහැ. අප එතුමාගෙන් අහන්න කැමැතියි ජනාධිපතිවරයා වුණොත් මේ පොරොන්දු ක්‍රියාත්මක කරන කාලවකවානු මොනවාද කියලා.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණෙන් අහන්න කැමැතියි ඔවුන් කියන දේවල් කරන්න කාල රාමුවක් තිබෙනවාද කියලා. ඒ වගේම අපේ ජනාධිපතිතුමා පොරොන්දු මාලාවක් දෙනවා. එතුමා දෙන පොරොන්දුවලට කැබිනට් පත්‍රිකා අනුමත කරනවා. නමුත් එතුමා බලයට පත්වෙන්න ඕන එය ක්‍රියාත්මක කරන්න. අද මහජනයාව රවට්ටන දේවල්මයි කියන්නේ.

අප පොහොට්ටුව හැටියට කියන්නේ මේ රටේ ඒකීයභාවය ආරක්ෂා කරනවා කියලා. 13 අප දෙන්නේ නැහැ. පොලිස් බලය දෙන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා අප ඒ දෙකම දෙනවා කියලා.

මහජනයා තීන්දු කරන්න වෙනවා අපේ රට ආරක්ෂා කරනවාද? නැද්ද? කියලා. අප මහින්ද චින්තනය අනුව ක්‍රියා කරනවා කියලා අප කියන්නේ. එය අප මේ රටේ ක්‍රියාත්මක කරපු ව්‍යාපාරයක්. එය තවත් ශක්තිමත් කරලා ඉදිරියට ක්‍රියාත්මක කරනවා. කවුරුත් එයට අභියෝග කරන්නේ නැහැ. අප ජනතාව දැනුම්වත් කරනවා ඔබලා කල්පනාවෙන් කටයුතු කරන්න. මේ බොරු පොරොන්දුවලට රැවටෙනවාද? නැතිනම් මේ රටට නිදහස දීපු මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තනය අනුව නාමල් රාජපක්ෂ මහතාව ජයග්‍රහණය කරන්න කියලා අප කියන්නේ” යැයි පැවසීය.


Top Stories
wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT