Local

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකසා අලෙවි කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 14 June 2025 - 11:49 am

කුළි පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

 
ඊයේ කඩවත - මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොවුන් අවුරුදු 30 සහ 36 යන වයස්වල පසුවන මාලිගාවත්ත සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්. 

මොවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදි අනුරාධපුර පොලිස් වසමේදී වෑන් රථයක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 104 ක මුදලකට සහ බොරැල්ල පොලිස් වසමේදී මෝටර් රථයක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 90 කට විකුණූ බවට තොරතුරු අනාවරණය වී තිබුණා. 
 
එමෙන්ම පානදුර පොලිස් වසමේදී මෝටර් රථයක් කුළී පදනම මත ලබාගෙන එහි එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර රුපියල් ලක්ෂ 58 ක මුදලකට විකිණීම, මොරගහහේන සහ වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී මෝටර් රථ 2 ක් කුළී පදනම මත ලබාගෙන රුපියල් ලක්ෂ 50 කට සහ 42 කට මොවුන් විසින් විකුණා ඇති බවට ද හෙළිවුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT