Local

ජනපති රනිල් මෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි අයකු මෙතෙක් හමු වී නෑ

Friday, 31 May 2024 - 6:41 am

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකි ජනාධිපතිවරයෙක් මෙතෙක් නොසිටි බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව පැවැසුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“වසර දෙකකට පෙරාතුව රට තිබූ තැනයි අද රට තිබෙන තැනයි අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි කාලගුණය කොතරම් හරස් වුවත් ජනතාව අවුරුදු උත්සව සහ වෙසක් උත්සවය සැමරූ ආකාරය. ජනතාව මේ වෙනස හොඳින් තේරුම්ගෙන තිබෙනවා. ඍණ මිලියන 895ක් වූ ප්‍රාථමික ගිණුමේ ශේෂය 2023 දෙසැම්බර් මස 31 වැනිදා වන විට ධන මිලියන 53ක් ලෙස සටහන් කර ගැනීමට හැකි වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකන්න පුළුවන්. ඒ වගේම මුළු ලෝකයම මේ සිදු වූ වෙනස ඉතාම සුබවාදී විදිහට දකිනවා, ඒ පිළිබඳව ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් තවදුරටත් විපක්ෂය මේ දෙස අසුබවාදී කෝණයකින් බලන බව අපට පෙනෙනවා. විශේෂයෙන්ම සුබසාධන අවශ්‍යතා නිවැරදිව වටහාගෙන ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.

පාසල් දරුවන්ට ආහාර වේලක් දීම පහළ ආර්ථික මට්ටම්වල සිටින අයට සහල් දීම, නැවත සුරක්ෂා රක්ෂණය ආරම්භ කිරීම, බැංකු පොලී අනුපාතය පහළ දැමීම, නව ව්‍යාපාර ආරම්භ කරන අය වෙනුවෙන් සියයට හතක පොලී අනුපාත යටතේ ණය ගැනීම ආදී ප්‍රගතිගාමී වැඩසටහන් ක්‍රියාත්මක වෙනවයි කියන්නෙම මේ රට හිටපු තැනින් විශාල ඉදිරි පිම්මක් පැනලා තියෙනවයි කියන එකයි. මේ රටේ සියලු දෙනාටම වටහා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඉවත් කළ දූෂණ සහ අල්ලස් නඩු අසූ නවයක් නැවත විභාග කිරීම ආරම්භ කර තිබෙනවා. දැන් ෆයිල් තියෙනවයි කියලා කෑගහන අයට මෙන්න මේවා හොඳ උදාහරණ කියන එක මතක් කර දිය යුතුයි.

මෙරට ප්‍රථම වතාවට ඇමැතිවරයෙක් දැන් හිරගෙදර ඉන්නවා. අධිකරණයට බලපෑමක් කරන රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ නෑ. දූෂණය වැළැක්වීමට අවශ්‍ය පනත සම්මත කරගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තය 2020 වසරට පෙර තිබූ තත්ත්වයට නැවත පැමිණ තිබෙනවා. ඒ නිසා තමයි ජනතාව නැවත කතාබහ කරන්න පටන් ගෙන තිබෙන්නේ මේ ජනාධිපතිවරයා ඉදිරියටත් මේ රට පාලනය කළ යුතුයි කියලා. ඒ නිසාම තමයි අනුර කුමාර දිසානායක මහතාත් ජනාධිපතිවරයා යන පාරේම ඉදිරියට යා යුතුයි කියලා ප්‍රකාශ කර තියෙන්නේ. ඒ නිසා එළැඹෙන ඔක්තෝබර් මාසයේදී නැවතත් මේ රටේ ජනාධිපතිවරයා වන්නේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි කියන එක සඳහන් කළ යුතුයි. වැරදිලාවත් අත්හදා බලන්න යන්නට එපා. අත්හදා බලන්නට ගියොත් මේ රට නැවත ඇදගෙන වැටෙනවා. ඒක නවත්තන්නට බෑ කියන එක අපි සියලු දෙනාටම මතක් කර දීමට කැමතියි.”


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT