Local

‘සොබාධනවි‘ ගෙනා LTL හෝල්ඩිංග්ස් කොටස් වෙළෙඳපොළට

Friday, 30 August 2024 - 6:26 am

LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් සමාගම මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීමට නියමිත බව වාර්තා වේ.

මේ බව සඳහන් කරමින් LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් විසින් දැනුම් දී සිටින්නේ කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය මේ වන විට හිමව ඇති බවයි.

ඒ අනුව මූලික අදියරේ දී එකක් රු. 14.50 බැගින් වූ කොටස් 1,103,448,300 ක් නිකුත් කිරීමට පියවර ගැනෙන අතර රු. 14.50 බැගින් වූ කොටස් 275,862,100 ක් තවදුරටත් නිකුත් කිරීමට සැලසුම් කර ඇත.

2024 සැප්තැම්බර් 10 වන දින මෙම මූලික මහජන කොටස් නිකුතුව විවෘත කිරීමට නියමිතය.

ඊයේ (28) විවෘත කෙරුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරය වන කෙරවලපිටිය “සොබාධනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය LTL හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අනුබද්ධිත සමාගමකි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT