Local

රාජ්‍ය සේවකයන් ගණනින් වැඩි වුණත් අවශ්‍යම ආයතනවලට නිලධාරීන් අඩුයි -ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ

Wednesday, 24 January 2024 - 8:23 am

මෙරටේ ජනගහනය හා සංසන්දනය කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයකටත් අධික සංඛ්‍යාවක් රාජ්‍ය සේවකයන් සිටින නමුත් අවශ්‍යම ආයතනවල නිලධාරීන් ප්‍රමාණවත්ව නැති බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ අදහස් පළ කළේ බහුකාර්ය සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ පුහුණු සේවකයන් වශයෙන් බඳවාගෙන අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල පුහුණුව ලද සේවකයන් සඳහා කාර්යාල කාර්ය සේවයේ iii වන ශ්‍රේණියේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් පෙරේදා (22) අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයේදීය.

බහුකාර්ය සහායක සේවක පත්වීම් 66ක් මෙදින පිරිනැමනු ලැබූ අතර, මේ වන විට 698 දෙනකු අධිකරණ අමාත්‍යාංශයට හා ඒ යටතේ ඇති ආයතන සඳහා බඳවාගෙන තිබේ. උත්සවය අමතමින් ඇමැතිවරයා මෙසේද කීය:

“පසුගිය වසර තුනක පමණ කාලයක සිට රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම සිදු කළේ නැහැ. රටෙහි පැවති තත්ත්වය එයට හේතු වුණා. එහෙත් විශාල පරිශ්‍රමයක් දරමින් අධිකරණ පද්ධතිය සදහා සේවකයන් බඳවාගැනීමට අප කටයුතු කළා. වර්තමානය වන විට රාජ්‍ය සේවය ජනතාවට දරන්න බැරි තරමට පත් වෙලා. රටේ ජනගහනය හා සංසන්දනය කිරීමේදී දෙගුණයකටත් වඩා සංඛ්‍යාවක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. එහෙත් අවශ්‍ය කරන ආයතනවල නිලධාරීන් නැහැ. රාජ්‍ය සේවකයාගේ ඵලදායිතාව අඩු වෙලා. මේ තත්ත්වයට දේශපාලනඥයන් වගකිව යුතුයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවයේ රැකියා දීම නිසා රාජ්‍ය සේවයේ නිලධාරීන් වැඩි වුණා. අරමුණක් නැතිව රාජ්‍ය සේවකයන් බඳවාගැනීම කළ නිසා රාජකාරියක් නැතිව වාඩි වෙලා ඉන්න නිලධාරීන් රැසක් රාජ්‍ය ආයතනවල ඉන්නවා. රාජ්‍ය සේවයට බඳවාගැනීම් නොකරන පරිසරයක රාජ්‍ය සේවයට එක් වීමට ඔබ සියලු දෙනා භාග්‍යවන්ත වෙලා තිබෙනවා. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සිදු කරන අධිකරණ අමාත්‍යාංශයේ කටයුතු දෙස ජනතාව සෙසු ආයතනවලට වඩා වැඩි අවධානයෙන් සිටින බැවින් ජනතා අභිලාෂයන් ඉටු වන පරිදි කාර්යක්ෂම අවංක සේවාවක් සැපයීමට කැප වන ලෙස ඉල්ලා සිටිනවා.”

අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රෝහණ හපුගස්වත්ත මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT