Local

මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනිවාර්යයෙන්ම දේශපාලන නාට්‍යයක් - සිරිල් ගාමිණී පියතුමා

Thursday, 28 March 2024 - 8:26 am

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකදී සිදුකළ ප්‍රකාශය දේශපාලන නාට්‍යයක් බව අති උතුම් කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් පවසනවා.

පාස්කු ප්‍රහාරය සැබවින්ම සිදුකළේ කවුදැයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිතිවරයා එදා සිටම දැන සිටි බව තමන් විශ්වාස කරන බවද, ඒ පිළිබඳ ඔහු දැනගත්තේ සති තුනකට පෙර ලැබුනු තොරතුරක් අනුව යැයි පැවසීම පිළිගත නොහැකි බවද පියතුමන් පෙන්වා දෙනවා.

සැබැවින්ම රහසක් ඇත්නම් ඔහුට තිබුණේ මාධ්‍ය ඉදිරියේ එය කීම වෙනුවට නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ගොස් එම සාක්ෂිය ලබාදීම බවද, රහසක් ඇති බව මාධ්‍ය ඉදිරියට පැමිණ රටටම කීම හුදෙක් මාධ්‍ය සංදර්ශනයක් බවයි පියතුමා සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරය​ට අවුරුදු 5ක් පසු වී, ජනාධිපතිවරණයක් ආසන්නව සිටිනා කාලයක මෙවැනි ප්‍රකාශයක් කිරීම අනිවාර්යෙන්ම දේශපාලන නාට්‍යයක් බව පියතුමා වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT